Friday, September 20, 2019

ඔබට මා ආදරය කල බව මෙතරම් - මාලනී බුලත්සිංහල | Obata ma adaraya kala bawa metharam - Malani Bulathsinghala - sinhala lyrics





ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම් //


වළාවකින් ඔබ වැසී ගියා
බොල් අහසේ
සිනා පහන් වැට නිවී ගියා
සැඩ සුළඟේ

ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්


ඉරත් මැරී පුන් සඳත් මැරී
ලොව අඳුරේ
කෙසේද ඉන්නේ පාළු පැලේ
නිදි පැදුරේ

ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම් //



ගායනය - මාලනී බුලත්සිංහල
තනුව - එච්. එම්. ජයවර්ධන
පද - සුනිල්

No comments:

Post a Comment