Sunday, September 15, 2019

කවුරුත් එන්නැති කවුරුත් දන්නැති - ගුණදාස කපුගේ | Kawruth ennathi kawruth dannathi - Gunadasa Kapuge - sinhala lyrics




කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
මල්පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

සඳකැන් බොඳවුණු වලා කැදැල්ලේ
තරුකැට අහුරක සිනා මෝදුකර
කඳුලින් ඉපදුනු ඉන්ද්‍රචාපයේ
උදා නොවන සිහිනයක් දකින්නට
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

සියොළඟ මිහිදුම් සළු අතුරාලා
මන්දාකිනියේ ඔබ හිනැහෙද්දී
උදා ළහිරු සේ මිහිදුම සඟවා
නොකී රහස් දෙනයනට කියන්නට
දවසක හමුවෙමු හමුවී

No comments:

Post a Comment