Sunday, September 8, 2019

දේව මන්දීරේ - රෝහණ සිරිවර්ධන ‍| Dewa mandire - Rohana Siriwardena - sinhaa lyrics


දේව මන්දීරේ වැතිරී බැතියෙන්
පුදසුන අබියස ආයාචනා කරම්
දැවෙන සිතේ සංකා සෝ දුක්
නිවන ලෙසේ

අපටම වෙන් වුණු අපගේ ලෝකය
යදම් පවුරු ලා දොරගුළු ලා ඇත
දෙතැනක තනි වුණු දෙසිතක සෙනෙහස
කවදා හමුවේදෝ

දේව මන්දීරේ වැතිරී බැතියෙන්
පුදසුන අබියස ආයාචනා කරම්
දැවෙන සිතේ සංකා සෝ දුක්
නිවන ලෙසේ

සෙනෙහස බිඳ දා ඉවත බැලූ සඳ
ඈ තනි වෙනවා රුදුරු ලොවේ අද
පහන් හැඟුම් මැද අප හමුවන දින
කවදා ළං වේදෝ

දේව මන්දීරේ වැතිරී බැතියෙන්

No comments:

Post a Comment