Friday, September 13, 2019

හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ - චන්ද්‍රලේඛා පෙරේරා | Hiru gilila sandu nega aa welawe - Chandralekha Perera - sinhala lyrics







හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ
සඳු මිලිනව හිරු පිබිදුනු විලාසේ //
ඔබයි මමයි මමයි ඔබයි
හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ //

උදා ගිරෙන් හිරු පායා
සඳු දැක ගනු රිසියේ
පැතූ පැතුම් ඉගිලී යයි
අවර ගිරෙන් සැඟවී

හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ
සඳු මිලිනව හිරු පිබිදුනු විලාසේ //
ඔබයි මමයි මමයි ඔබයි
හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ //

එදා වගේ කවදාවත්
යලි අප හමුවෙන්නෑ
පැතූ පැතුම් කවදාවත්
සතුටක් ගෙන දෙන්නෑ

No comments:

Post a Comment