හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා //
මලේ සුවඳ මත් බඹරුන් මලට ගෙනාවේ
සඳේ එළිය සඳ සෙවණට සිහිල ගෙනාවේ
ගඟේ ඉවුර ගඟ දිය මුහුදට ගෙන ආවේ
මගේ හිතට මේ තනිකම කවුරු ගෙනාවේ
හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා
දොලේ හඬට ගී සීපද කොතැන ඇසේදෝ
දිවේ රහට ලුණු ඇඹුලක් බතට ලැබේදෝ
හිතට නුහුරු ආල හැඟුම් හිත උහුලාදෝ
දුකට කියන මේ ගී පද කාට ඇහේදෝ
No comments:
Post a Comment