Sunday, September 29, 2019

නිල් දෑසින් බලාවී - සුරේනි ඩි මෙල් | Nil dasin balawi - Surenie De Mel - sinhala lyrics





රහසින් ඇවිත් මුමුණා ගියා
ඒ කිවු වදන් සිත මත කලා
ආයෙත් ඇවිත් මට ළං වෙලා
පවසන්නකෝ සිතු දේ ඔයා

නිල් දෑසින් බලාවී මුවඟින් සිනාසී
මොනවාද කොඳුරා කියාවී
ඔබේ ආදරේ මා හදේ තුරුළු කරනා
සදා පැතුම ඔබ වේ මගේ

නෑ තාම නෑ ඔබ ආවේ නෑ
සිහිනෙන් උවත් දුරස් වෙන්න බෑ
යන්තම් ඔබේ රුව දුටුවේ මා
කොහේදෝ ගියේ මා හැර දමා

නිල් දෑසින් බලාවී මුවඟින් සිනාසී
මොනවාද කොඳුරා කියාවී
ඔබේ ආදරේ මා හදේ තුරුළු කරනා
සදා පැතුම ඔබ වේ මගේ

No comments:

Post a Comment