Monday, September 30, 2019

නිල් කඳු පවුරයි (ගම මහනුවරයි) - චන්ද්‍රකුමාර කඳනආරච්චි | Nil kandu pawrai (Gama Mahanuwarai) - Chandrakumar Kandanarachchi - sinhala lyrics





නිල් කඳු පවුරයි මහවැලි දිය අගලයි
විරුවන් දිනු මා ඉපැදුණු ගම මහනුවරයි //
ගම මහනුවරයි ගම මහනුවරයි
ගම මහනුවරයි මගෙ ගම මහනුවරයි

දළදා හිමි සිව් දෙවි වැඩ වසනා
රසඳුන් මල් ගොමු බිඟුසර නඟනා
සිහිලස දෙන වැව් කොමලිය රඳනා
සරුබිම හැමදා සිරිකත රැඳුණා
ගම මහනුවරයි ගම මහනුවරයි
ගම මහනුවරයි මගෙ ගම මහනුවරයි

පඬිවරු යතිවරු නිරතුරු ගැවසේ
සිප්සත දී නිති සරසවි නිවැසේ
සඳළුතලා මත කිඳුරියො හිනැහේ
එහි උපදින්නට පින් කළ

Sunday, September 29, 2019

නිල් දෑසින් බලාවී - සුරේනි ඩි මෙල් | Nil dasin balawi - Surenie De Mel - sinhala lyrics





රහසින් ඇවිත් මුමුණා ගියා
ඒ කිවු වදන් සිත මත කලා
ආයෙත් ඇවිත් මට ළං වෙලා
පවසන්නකෝ සිතු දේ ඔයා

නිල් දෑසින් බලාවී මුවඟින් සිනාසී
මොනවාද කොඳුරා කියාවී
ඔබේ ආදරේ මා හදේ තුරුළු කරනා
සදා පැතුම ඔබ වේ මගේ

නෑ තාම නෑ ඔබ ආවේ නෑ
සිහිනෙන් උවත් දුරස් වෙන්න බෑ
යන්තම් ඔබේ රුව දුටුවේ මා
කොහේදෝ ගියේ මා හැර දමා

නිල් දෑසින් බලාවී මුවඟින් සිනාසී
මොනවාද කොඳුරා කියාවී
ඔබේ ආදරේ මා හදේ තුරුළු කරනා
සදා පැතුම ඔබ වේ මගේ

Saturday, September 28, 2019

ඉර වට යන ගිරවියනේ - අයිවෝ ඩෙනිස් | Ira wata yana giraviyane - Ivor Dennis - sinhala lyrics






ඉර වට යන ගිරවියනේ
මගේ ගිරවිය කොයිද අනේ

වනන්තරේ තුරු වදුලේ
කූඩු වෙලා උන්නු අපි
නිරන්තරේ ආල මතින්
ලෙන්ගතු වී උන්නු අපි
මගේ ගිරවී කොයිද කියන්
සඳ වට යන සාවුනේ

ඉර වට යන ගිරවියනේ
මගේ ගිරවිය කොයිද අනේ

කයිතාලම් සීනු හඬින්
කවි සී පද සින්දු කියා
ඈ රහසේ පඳුරු උඩින්
මට නොකියා යන්ට ගියා
මගේ ගිරවිය කොයිද කියන්
වනයට හිමි දේවනේ

ඉර වට යන ගිරවියනේ
මගේ ගිරවිය කොයිද අනේ

හිත පපුවට ගිනි ඇවිළී
මට තනිකම්

Friday, September 27, 2019

සුදු ඇඳගෙන සඳ ඇවිදින් - කරුණාරත්න දිවුල්ගනේ | Sudu andagena sanda awidin - Karunarathna Divulgane - sinhala lyrics





සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුණු සිත ගෙනයයි කඳුළැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට


බාධක බිඳ නුඹ ජය ගන්නට බැරි වුණි මට
ඇයි දැයි දොස් පවරන සඳ සිත
නුඹෙ වරද ද මගෙ වරද ද
එය මා දන්නේ නැත

සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට
රිදවුණු සිත ගෙනයයි කඳුළැලි ගං ඉවුරට
ඔබ ආ හැටි සමු ගන්නට අවසන් සැන්දෑවක
ඒ ගං ඉවුරට


නුඹ මා ලොව කළුවර කර පැන ගිය පළියට
කෙළෙසක

Thursday, September 26, 2019

රිදී නදී සිඳී - සමිතා එරන්දතී මුදුන්කොටුව ‍| Ridee nadee sindee - Samitha Erandathi Mudunkotuwa - sinhala lyrics





රිදී නදී සිඳී
ගහ කොළද මල් හැලී
සුසුම් කැටි ගැසී
උණු කඳුළු වැහි වහී


තාරුකා දැවී
නිල් අහස ගිණි ගනී

තාරුකා දැවී
නිල් අහස ගිණි ගනී
සඳ මඩල බිම වැටී
මහ පොළොව සිපගනී


ප්‍රාර්ථනා සිඳී
හදවතම ගිණි ගනී

ප්‍රාර්ථනා සිඳී
හදවතම ගිණි ගනී
මට මාව අහිමි වී
ඔබ යන්න නොනැවතී


ගායනය - සමිතා එරන්දතී මුදුන්කොටුව
තනුව - නදීක ගුරුගේ
පද - පමිත ආර්. ලියනගේ




වීඩියෝව ගත්තෙ මෙතනින් - පාරමී පුජා

Wednesday, September 25, 2019

දුටු දා ඉඳලා ලුහුබැන්දා - මොහිදීන් බෙග්, ජමුනා රාණී | Dutu da indala luhu benda - Mohideen Baig, Jamuna Rani - sinhala lyrics





දුටු දා ඉඳලා ලුහුබැන්දා
දන්නවා ද මම පෙම් බැන්දා

රහසේ බැඳි පෙම් හෙළි වූ දා
පෙම් සැපේට වෙයි දෝ බාධා

බාධක අවහිර හිරිහැර නොමැතී
ආලය රස නැත සීදේවී
බෑ හරවන්නට පෙම් ගඟ නම්

දුටු දා ඉඳලා ලුහුබැන්දා

මට දැන් තනි නෑ මේ ලෝකේ
දෙනු මැන ඔබගේ ආලෝකේ
නොදැනේ ඔබ ළඟ දුක සෝකේ

රහසේ බැඳි පෙම් හෙළි වූ දා

අනගි සුරබිදෙන සිතු දේ සාදන
නැළවේ මධුරිය ඔබ සිටිනා තැන
අද ඉඳලා කිරි ඉතිරේවී

දුටු දා ඉඳලා ලුහුබැන්දා

ඔසවන

Tuesday, September 24, 2019

සිලි සිලියේ නව සුවඳක් - එම්.එස්. ප්‍රනාන්දු , නොයෙල් ගුණරත්න | Sili siliye nawa suwandak - MS Fernando, Noel Gunarathna


සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා
වන බඹරා මල සොයලා පියඹා යනවා //
යෞවන කාලේ ජීවන ඊලේ
පැද්දෙන තාලේ පවසයි ආලේ


මල් පිබිදීලා සුළඟෙ නටන්නේ
චූටි කුරුල්ලෝ මොටද සොයන්නේ
රස හැදෙනා තැන් දනිති සියල්ලෝ
මල් පැණි බොන්නේ නැද්ද කුරුල්ලෝ
ඇත්ත තමයි සහතිකමයි උන් පැණි බොනවාලූ
ඇත්ත තමයි සහතිකමයි උන් පැණි බොනවාලූ

සිලි සිලියේ නව සුවඳක් විහිදී එනවා
වන බඹරා මල සොයලා පියඹා යනවා //
යෞවන කාලේ ජීවන ඊලේ

Monday, September 23, 2019

හිරු නිවෙනා මල් පිපෙනා - චන්දන ලියනාරච්චි | Hiru niwena mal pipena - Chandana liyanarachchi - sinhala lyrics





හිරු නිවෙනා මල් පිපෙනා
සඳු එබෙනා නිහඬ රැයේ
කඳු යායේ තුරු සෙවනේ
මල් සුවඳේ ඔබව පෙනේ
හිරු නිවෙනා මල් පිපෙනා
සඳු එබෙනා නිහඬ රැයේ


නුඹ වෙන් වූ එම දිනයේ
ඒ වෙනුවෙන් හෙලන සුසුම්
හද කැල්මක තුරුළු වෙලා
ලොවට හොරෙන් හද හැඬවෙයි

හිරු නිවෙනා මල් පිපෙනා
සඳු එබෙනා නිහඬ රැයේ
කඳු යායේ තුරු සෙවනේ
මල් සුවඳේ ඔබව පෙනේ
හිරු නිවෙනා මල් පිපෙනා
සඳු එබෙනා නිහඬ රැයේ


නුඹේ නමින් ලියනා මෙය
මතු දිනයක ගැයෙනා කල
නුඹ

Sunday, September 22, 2019

වරෙන් හීන් සැරේ - සුනිල් ශාන්ත/ අයිවෝ ඩෙනිස් | Waren heen sare - Sunil Santha/ Ivor Dennis - sinhala lyrics








වරෙන් හීන් සැරේ
වරෙන් හීන් සැරේ
වරෙන් හීන් සැරේ රිදී වළාවේ
අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ
අනේ හෙමින් හෙමින් ඇදී යන්න වළාවේ

සිසිල් පවන් බිබී
සිසිල් පවන් බිබී කිරා වැටෙයි
සිහින ලොවේ අඩ නින්දේ
සතුන් මෙ යාමේ
වරෙන් හීන් සැරේ රිදී වළාවේ

රෑ යාමයේ හීංසැරේ
වරෙන් අනේ
හාවෝ පෙම් කෙලියේ යන්නේ රෑ යාමෙදෝ
රෑ යාමෙදෝ
රෑ යාමෙදෝ
රෑ යාමෙදෝ
හාදු දිදී තණ පඳුරේ නටන්නේ
පනින්නේ
හාවෝ
හාවෝ
අනේ හීන් සැරේ හහා හීන්

Saturday, September 21, 2019

හිත වාවන්නේම නෑ - භාතිය සහ සන්තුෂ් | Hitha wawannema ne - Bathiya and Santhush - sinhala lyrics





හිත වාවන්නේම නෑ ඔබ ආයෙත් එන්නෙ නෑ
මම තාම දන්නේ මා ඔබේ කියා
කිරි කෝඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන්නෑ
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
මම තාම දන්නේ මා ඔබේ කියා

සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව
කියා දුන්නේ ඔබමයි ළදේ //
දෑසත් පියාන ඉන්නේ බැරිද තාම අවදිවෙන්නෙ
බලා ඉන්න බෑ මට තවත්
සීතලෙන් මා වෙලෘ දෙනුවන් පහන් නිවී
ඔබ යන්නේ ඇයි ආදරී
ඔබ යන්නේ ඇයි ආදරී

හිත වාවන්නේම නෑ ඔබ

Friday, September 20, 2019

ඔබට මා ආදරය කල බව මෙතරම් - මාලනී බුලත්සිංහල | Obata ma adaraya kala bawa metharam - Malani Bulathsinghala - sinhala lyrics





ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම් //


වළාවකින් ඔබ වැසී ගියා
බොල් අහසේ
සිනා පහන් වැට නිවී ගියා
සැඩ සුළඟේ

ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම්


ඉරත් මැරී පුන් සඳත් මැරී
ලොව අඳුරේ
කෙසේද ඉන්නේ පාළු පැලේ
නිදි පැදුරේ

ඔබට මා ආදරය කල බව මෙතරම්
මා දමා ඔබ දුරු රට යනතුරු නොදනිම් //



ගායනය - මාලනී බුලත්සිංහල
තනුව - එච්. එම්. ජයවර්ධන
පද - සුනිල්

Thursday, September 19, 2019

සඳ කැළුම් ගලන පාර කොනේ - මල්කාන්ති නන්දසිරි | Sanda kelum galana para kone - Malkanthi Nandasiri - sinhala lyrics


සඳ කැළුම් ගලන පාර කොනේ
සීත දුරුත්තේ
මුළු ලොවට හොරෙන් ඔබයි ඇයයි
රෝස කරත්තේ //

පෙමින් බැඳුණු මුකුළු කතාවේ
කුසුම් පිපුණු සිහින ලතාවේ
සරසවියෙන් මං එන පාරේ
සිනා ගඟුල සිඳී ගියා ඉවුරු තලාවේ

සඳ කැළුම් ගලන පාර කොනේ
සීත දුරුත්තේ
මුළු ලොවට හොරෙන් ඔබයි ඇයයි
රෝස කරත්තේ

මං නැතිදා එළිය වුණාවේ
ඇයයි ඔබට සතුට ගෙනාවේ
නගේ මටයි කඳුල හිමි වුණේ
‍්උඹට සැපත මට උරුමයි සිහින විමානේ

සඳ කැළුම් ගලන පාර කොනේ
සීත

Wednesday, September 18, 2019

තුරු ලපලු ලතාවෝ - වික්ටර් රත්නායක | Thuru lapalu lathawo - Victor Rathnayaka - sinhala lyrocs





තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ
සීතල මේ නිහඬ රෑ
ආදර විහඟුන් බලා
තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ

සිතුම් විමානේ සසල කලා වූ
පෙම් හැඟුමන් පිබිදී
මහද පුබුදු කල ආදර ගීතය
නැවුම් ලොවක පාවී
සවනට මාගේ කොඳුරන්න
නයනාවියේ

තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ
සීතල මේ නිහඬ රෑ
ආදර විහඟුන් බලා
තුරු ලපලු ලතාවෝ
පවනේ සැලේ

ජීවිත උයනේ විකසිත කුසුමන්
සුවඳින් මහද සැලේ
නෙතුකැන් පිබිදී තරුමල් දිලිසී
දිවි මග එලිය දිදී
සවනට මාගේ

Tuesday, September 17, 2019

ඉර මඩලට පෙම් කලාද - චන්දන ලියනාරච්චි | Ira madalata pem kalada punchi kirilli - Chandana Liyanarachchi - sinhala lyrics





ඉර මඩලට පෙම් කලාද පුංචි කිරිල්ලී
ඈත ඈත පියැඹුවාද ගිහින් තටු දැවී ගියාද
හිතුවක්කාරී //

මලට තහංචි වන බඹරුන්ට තහංචි
ආදරයේ මල් සුවඳට කොහෙද තහංචි
ඒකයි අපි උඹට කැමති පුංචි කිරිල්ලි

ඉර මඩලට පෙම් කලාද පුංචි කිරිල්ලී
ඈත ඈත පියැඹුවාද ගිහින් තටු දැවී ගියාද
හිතුවක්කාරී //

විලට තහංචි විල් දියකඳට තහංචි
ආදරයේ රළ නගන්න කොහෙද තහංචි
නුඹට ආදරෙයි අපි හිත රිදුණු කිරිල්ලි

ඉර මඩලට පෙම් කලාද පුංචි කිරිල්ලී
ඈත ඈත

Monday, September 16, 2019

මිණි මිණි පොදේ ළා අඳුරේ - නිරංජලා සරෝජිනී | Mini mini pode la andure - Niranjala Sarojini - sinhala lyrics





මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා //

ආසිරි මල් වරුසාවේ
නැහැ අපි තෙමුණේ
වැහි සිරි බලන්නට ඔබ නෑ
අද කුඩ සෙවණේ //

මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා

මා හෙලු කඳුළැලි පුරවා
වැහි කළු ඒවී
ඔබෙ පාමුල මුතු වරුසා
විසිරී යාවී //

මිණි මිණි පොදේ ළා අඳුරේ
තෙමි තෙමි ගියදා
ඉඳහිට අදත් සිහිවෙනවා
සිරි පොද දැකලා


ගායනය -

Sunday, September 15, 2019

කවුරුත් එන්නැති කවුරුත් දන්නැති - ගුණදාස කපුගේ | Kawruth ennathi kawruth dannathi - Gunadasa Kapuge - sinhala lyrics




කවුරුත් එන්නැති කවුරුත් දන්නැති
මල්පෙති ඉහිරුණු මල් පාරේ
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

සඳකැන් බොඳවුණු වලා කැදැල්ලේ
තරුකැට අහුරක සිනා මෝදුකර
කඳුලින් ඉපදුනු ඉන්ද්‍රචාපයේ
උදා නොවන සිහිනයක් දකින්නට
දවසක හමුවෙමු හමුවී හිනැහෙමු
හිනැහී වැළපෙමු අපි ආයේ

සියොළඟ මිහිදුම් සළු අතුරාලා
මන්දාකිනියේ ඔබ හිනැහෙද්දී
උදා ළහිරු සේ මිහිදුම සඟවා
නොකී රහස් දෙනයනට කියන්නට
දවසක හමුවෙමු හමුවී

Saturday, September 14, 2019

ඔබ නෙතු මා හා රන්දා - විජය කුමාරතුංග | Oba nethu ma ha randa - Vijaya Kumarathunga - sinhala lyrics





ඔබ නෙතු මා හා රන්දා
මා සිතු ඔබ හා බන්දා
ආදර හැඟුමන් හද තුළ අතුරා
ඇයි දැන් සැඟවෙන්නේ
මා සිත රිදවන්නේ


කාටත් දෙන ඔබෙ නෙතේ කැලුම්
සැමට පිදෙන ඔය නුරා බැලුම්
මුතු අතරින් එන මුකුළු සිනාවෝ
ආදර සිත කලඹයි
මා ආදර හද කලතයි

ඔබ නෙතු මා හා රන්දා
මා සිතු ඔබ හා බන්දා
ආදර හැඟුමන් හද තුළ අතුරා
ඇයි දැන් සැඟවෙන්නේ
මා සිත රිදවන්නේ


සසර සැරිසරා සෙව් සිහිනේ
පෙරුම් පුරාලා බැන්ද සෙනේ
තලන්නෙපා අත අරින්නෙපා
ආදර සිත

Friday, September 13, 2019

හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ - චන්ද්‍රලේඛා පෙරේරා | Hiru gilila sandu nega aa welawe - Chandralekha Perera - sinhala lyrics







හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ
සඳු මිලිනව හිරු පිබිදුනු විලාසේ //
ඔබයි මමයි මමයි ඔබයි
හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ //

උදා ගිරෙන් හිරු පායා
සඳු දැක ගනු රිසියේ
පැතූ පැතුම් ඉගිලී යයි
අවර ගිරෙන් සැඟවී

හිරු ගිලිලා සඳු නැග ආ නියාවේ
සඳු මිලිනව හිරු පිබිදුනු විලාසේ //
ඔබයි මමයි මමයි ඔබයි
හිරු සඳු එක් වී නැහැ නුඹ තලාවේ //

එදා වගේ කවදාවත්
යලි අප හමුවෙන්නෑ
පැතූ පැතුම් කවදාවත්
සතුටක් ගෙන දෙන්නෑ

Thursday, September 12, 2019

තනිව ඔබ මා පමණයි - එඩ්වඩ් ජයකොඩි | Thaniwa oba ma pamanai - Edward Jayakodi - sinhala lyrics







තනිව ඔබ මා පමණයි
සෙනෙහස සොයා
සොඳුරු මීදුම් සළු පටලා
අඳුරු මිහිළිය සැතපිලා
පුපුරු ගැහෙනා වියරු සීතල
අපට දැණුනේ නෑ

පිණි වැටී තුරු වැල් නොසොල්වා
අපට රහසින් දොඩන්නට ඉඩදී උන්නා
තුරුණු මැදියම තුරුල්ලට ගෙන
නිශා බොළඳිය මල් වරම දුන්නා

මත් බිඟුන් මිදෙනා විරාමෙන්
සමන් කැකුළක් විළි වැදී සැඟවී උන්නා
ලොවම මොහොතක් නිසල වී අද
අපම අප ළඟ තනි වෙලා උන්නා

තනිව ඔබ මා පමණයි
සෙනෙහස සොයා
සොඳුරු මීදුම් සළු පටලා

Wednesday, September 11, 2019

ඔබ හා මෙමා - ටී. එම්. ජයරත්න | Oba ha mema athinath aran - TM Jayarathna - sinhala lyrics






ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා
සිප ගත් එදා සිහිවෙනවා


භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරෙන්
නැග ආ ස්‌වරේ
එක්‌වූ දිනේ සිහිවෙනවා
එක්‌වූ දිනේ සිහිවෙනවා

ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනිවූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිප ගත් එදා සිහිවෙනවා
සිප ගත් එදා සිහිවෙනවා


ඔබ මා දෙනෙත් මා ඔබේ දෙනෙත්
එක්‌වී වෙලී

Tuesday, September 10, 2019

ඩේලියා මලෙන් සුවඳ ගන්න - කිංස්ලි පීරිස් | Deliya malen suwanda ganna - Kingsly Peiris - sinhala lyrics


ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද
වේලිලා තියෙන ගහකොළ නිල් පාට වැටෙන්න
ආදරය සඳක් වේවා හදවතට සිඹින්න

තව්තිසා දෙව් ලොව දෙව්ලියන් වැඩියට
තව්තිසා දෙව් ලොව දෙව්ලියන් වැඩියට
මට වඩා ලස්සනයි මගෙ පෙම් කුමරි වැඩියම
ඔබේ හසුන් පතම සිප ගත්තෙමි ඔබ සිතා මම

ඩේලියා මලෙන් සුවඳ ගන්න සීතල රටට
මෙහි ලියා තියෙන දිනයක ඔබ ඇවිත් යනවද
වේලිලා තියෙන ගහකොළ නිල් පාට වැටෙන්න
ආදරය සඳක්

Monday, September 9, 2019

පෙම් මාලිගාවෙ අප්සරාවියේ - සමන් ද සිල්වා | Pem maligawe apsarawiye - Saman De Silva - sinhala lyrics





පෙම් මාලිගාවෙ අප්සරාවියේ
ඔබට නෑසේද මේ ගී ළඳේ //


පෙම් සිහිනයේ ඔබයි සුර කුමාරියේ
මම නෑ තනි වුණේ ඔබේ මල් සිනා මුවේ
ආදරෙයි මා ඔබට ළඳුනේ
ඔබගෙ සෙනෙහේ ළං වූ දිනේ
ආදරෙයි මා ඔබට ළඳුනේ
ඔබගෙ සෙනෙහේ ළං වූ දිනේ

පෙම් මාලිගාවෙ අප්සරාවියේ
ඔබට නෑසේද මේ ගී ළඳේ //


‍හිතට වේදනා රැයේ ඔබ ඇයි ළං වුණේ
මට නෑ තේරුණේ ඔබගෙ ආදරේ මෙසේ
මල් වසන්තේ ඔබට ළං වී
මම ඉන්නම් සදා කල් ළඳේ
මල් වසන්තේ ඔබට ළං වී
මම ඉන්නම් සදා කල්

Sunday, September 8, 2019

දේව මන්දීරේ - රෝහණ සිරිවර්ධන ‍| Dewa mandire - Rohana Siriwardena - sinhaa lyrics


දේව මන්දීරේ වැතිරී බැතියෙන්
පුදසුන අබියස ආයාචනා කරම්
දැවෙන සිතේ සංකා සෝ දුක්
නිවන ලෙසේ

අපටම වෙන් වුණු අපගේ ලෝකය
යදම් පවුරු ලා දොරගුළු ලා ඇත
දෙතැනක තනි වුණු දෙසිතක සෙනෙහස
කවදා හමුවේදෝ

දේව මන්දීරේ වැතිරී බැතියෙන්
පුදසුන අබියස ආයාචනා කරම්
දැවෙන සිතේ සංකා සෝ දුක්
නිවන ලෙසේ

සෙනෙහස බිඳ දා ඉවත බැලූ සඳ
ඈ තනි වෙනවා රුදුරු ලොවේ අද
පහන් හැඟුම් මැද අප හමුවන දින
කවදා ළං වේදෝ

දේව මන්දීරේ වැතිරී බැතියෙන්

Saturday, September 7, 2019

හැන්දෑකරේ අඹ මල් වට - රෝහණ වීරසිංහ | Handekara amba mal wata - Rohana Weerasinghe - sinhala lyrics






හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා //


මලේ සුවඳ මත් බඹරුන් මලට ගෙනාවේ
සඳේ එළිය සඳ සෙවණට සිහිල ගෙනාවේ
ගඟේ ඉවුර ගඟ දිය මුහුදට ගෙන ආවේ
මගේ හිතට මේ තනිකම කවුරු ගෙනාවේ

හැන්දෑකරේ අඹ මල් වට බඹරු නටන්නා
නින්ද නැතත් මං තනියෙන් හීන දකින්නා


දොලේ හඬට ගී සීපද කොතැන ඇසේදෝ
දිවේ රහට ලුණු ඇඹුලක් බතට ලැබේදෝ
හිතට නුහුරු ආල හැඟුම් හිත උහුලාදෝ
දුකට කියන මේ ගී පද කාට ඇහේදෝ

Friday, September 6, 2019

ගල් අරණේ හැංගෙන්නා - නීලා වික්‍රමසිංහ | Gal arane hangenna - Neela Wickramasinghe - sinhala lyrics



ගල් අරණේ හැංගෙන්නා
උන් රහසේ ළං වෙන්නා
මා පුතු අල්ලන් යන්නයි
නෑ එන්නට දෙන්නේ
මා පුතු ළඟ ඉන්නේ
නාඬා නිදියන්නේ //

සඳුන් වනේ මල් නෙලනා සුරංගනාවෝ
සුවඳ දොවා ඇල් පවනේ පුතුට ගෙනාවෝ //

ගල් අරණේ හැංගෙන්නා
උන් රහසේ ළං වෙන්නා
මා පුතු අල්ලන් යන්නයි
නෑ එන්නට දෙන්නේ
මා පුතු ළඟ ඉන්නේ
නාඬා නිදියන්නේ

සිඟිති නෙතේ කැකුළු මුවේ මැවෙන සිනාවේ
සසල නොවේ නිමල සුවේ සිතට උදා වේ //

ගල් අරණේ හැංගෙන්නා
උන් රහසේ ළං වෙන්නා

Thursday, September 5, 2019

වීණාවී - කසුන් කල්හාර, නිරංජලා මංජරී | Veenawi urathalaye randenna - Kasun Kalhara, Niranjala Manjari - sinhala lyrics





වීණාවී උරතලයේ රැඳෙන්න
සත්සර රැව් නගන්න වීණාවී
කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරිමදින්න කොවුලාන

තරු මල් ඉස අහසට
නිල් සළු නිල් යහනට
නිදන්න යාවි තරින්දූ
කඩුපුල් මල් යායට
පෙම් බැඳගෙන සුවඳට
නොනිඳයි මගෙ බමරින්දූ

වීණාවී උරතලයේ රැඳෙන්න
සත්සර රැව් නගන්න වීණාවී
කොවුලාන රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරිමදින්න කොවුලාන

නියගින් තතින් තතට
පැන හදවත සොයන්න
අවසර දෙයිද එ ළන්දූ
මා හද මට නැති විට
කවුරුද කියන්න

Wednesday, September 4, 2019

මන්දාරම් අඳුර මැදින් - ක්‍රිෂාන්ත එරන්දක | Mandaram andura madin - Krishantha Erandaka - sinhala lyrics



මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්
ඔබ සිටියානම් //


තනියමවත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ළඟින් //
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුණා
යන්නට තිබුණා
යන්නට තිබුණා

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්
ඔබ සිටියානම්


මඟ යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා //
කොපුලේ වැහි බිඳුවක රස
බලන්න තිබුණා
බලන්න තිබුණා
බලන්න තිබුණා

Tuesday, September 3, 2019

සඳක් නම් - රොහාන් ශාන්ත බුලේගොඩ | Sandak nam besa yanna thibuna - Rohan Shantha Bulegoda - sinhala lyrics



සඳක් නම් බැස යන්න තිබුනා
හඬන අහසට අඳුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුනා
ක‍ටු අගට ලස්සන නොදී //

පරෙවි තුඩකින් විළඳ දුන්නට
ගිරවියක වළඳන්නේ නෑ
කඳුළු බිඳුවක ‍රැ‍ඳෙන ගින්දර
හිනාවක් හඳුනන්නේ නෑ

සඳක් නම් බැස යන්න තිබුනා
හඬන අහසට අඳුර දී
මලක් නම් ගිලිහෙන්න තිබුනා
ක‍ටු අගට ලස්සන නොදී

පොළොව උසුලන සියළු දුක සැප
අහස් තලයෙනි හිමි වුනේ
පොළෝ තලයට අහස දුර බව
සිතන්නේ ඇයි මිනිසුනේ

සඳක් නම් බැස යන්න තිබුනා
හඬන

Monday, September 2, 2019

ඔබටයි මේ ආරාධනා - රෝහණ බෝගොඩ | Obatai me aradhana - Rohana Bogoda - sinhala lyrics





ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා //
හිරු සඳු ඇති තුරා
සසර වසනා තුරා
ඉන්නට බැහැ තරහා වෙලා
ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා

පෑව සෙනේ අමනාපෙ නිසා
මෝදු වෙලා තිබුණාට වඩා //
සිත සැනසුන් සාදනා
ඔබේ හසරැල් මට වාසනා //

ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා

තරහා උනත් දෙදෙනා ඊයේ
තරහ නොවෙමු කිසිදා ආයේ //
යළි නොම ඒ වේදනා
ඔබේ හසරැල් මට වාසනා //

ඔබටයි මේ ආරාධනා
ඔබටයි මේ ආයාචනා //
හිරු සඳු ඇති තුරා
සසර වසනා තුරා

Sunday, September 1, 2019

සුදු හාමිනේ නුඹ කොතැනද - නන්දා මාලිනී | Sudu hamine numba kothenada ada dawase - Nanda Malini - sinhala lyrics






සුදු හාමිනේ නුඹ කොතැනද අද දවසේ
දීගෙක ගිහින් දරු පිරිවර මැද සුවසේ
ලේලිය කැටුව මගෙ පුතු වෙන් විය රහසේ
මං විතරයි තනියම දැන් මගෙ නිවසේ

උඹලගෙ තාත්තා ඇත දුර බලාගෙන
කවදා දූ පුතුන් ඒ දැයි පතාගෙන
වේවැල් කැඩුණු පුටුවේ වක ගසාගෙන
මං ඉන්නවා නෙතු කඳුළැල් දරාගෙන

දරුවන් ඇඳුම් ඇඟැලුම් ගෙන සිඹින්නෙමී
මනසින් එදා කෙළි සෙල්ලම් දකින්නෙමී
මරණයෙ දොරකඩට සපැමිණ සිටින්නෙමී
ලේ කිරි පෙවූ දරුවන් දැක මියෙන්නෙමී

සුදු