Friday, July 12, 2019

සීතල පිණි බිංදු බිංදු - වික්ටර් රත්නායක | Seethala pini bindu bindu - Victor Rathnayaka - sinhala lyrics





සීතල පිණි බිංදු බිංදු
රෑ තරු මත රැන්දු රැන්දු
ඇගේ නුවන් තෙමී කැළුම් පාවේ
ආදර සුව සිහින කැන්දු
මීවිත මුව රැන්දු රැන්දු
මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ

පීදෙන සඳ රේණු පාවී
මේ මාවත සුවඳ දේවි
සොඳුර ඔබේ මගේ සිතැඟි යාවේ
මේ රෑ නැඟි රෑහි ගීත
තනි වී සවනේ රැඳේවි
ඔබ මා වෙත රැඳී ඉන්න සිහින ලතාවේ

සීතල පිණි බිංදු බිංදු
රෑ තරු මත රැන්දු රැන්දු
ඇගේ නුවන් තෙමී කැළුම් පාවේ
ආදර සුව සිහින කැන්දු
මීවිත මුව රැන්දු

No comments:

Post a Comment