Friday, July 5, 2019

සඳගනාවට - දනිත් ශ්‍රී | Sandaganawa - Danith Sri - sinhala lyrics






උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ..
මාර සේනා හදට කැන්දන යාමෙ ලං වූයේ..
මේඝ වර්ශා ගලා හැලුනේ සේද යහනාවේ..
දෝරෙ යන මේ හැඟුම් ගංඟා ඔහේ සැලුනාවේ..

සඳගනාවට සඳලුතල සිප..
සුව දෙන යාමයේ..
උණුහුමේ ගිරි තුඩට මීපැණි..
ගෙනේවී රාත්‍රියේ..ආයේ..

කාලෙකින් මං ආවෙ නැත්තේ පහල ගං තීරේ..
ඉවුරු තල සිප ගන්න අවසර දේද හිත කීවේ..
ගෙවී යන මේ භවේ ජීවිත ගානෙ සංසාරේ...
මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබදේ..

No comments:

Post a Comment