Monday, July 29, 2019

දුනුකෙයියා මලක් වගේ - සුජාතා අත්තනායක ‍| Dunukeiya malak wage - Sujatha Aththanayaka - sinhala lyrics







දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා
පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
මගේ අම්මා මට ජීවන සුවය සදනවා

සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී
කෙනෙක් නොමැත දරුවෙකු හට මවක සේ ලැදී
අම්මා යන සමාධියට ඉඳිමි සමවැදී
ඔබෙ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදි

සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ
ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිමෙනවා අම්මේ
සක්විති රජවරුනගේ දණ ඔබ ළඟ නැම්මේ
සිරිමා බෝ මුල මතු දින බුදුවෙනු

No comments:

Post a Comment