මාතොටින් එන උතුරු හුළඟේ ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන සරෝජා මගෙ දෝණියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි මක් කරන්න ද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ ඒත් අපි එක පන්තියේ
කර වටේ අත දමා හිනැහුණු කෝ නුඹේ පොඩි යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන්
තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කඳවුරු දොරින්
කාටවත් නැති දුවේ කවුරුන් නුඹ රකීවි ද සෙනෙහසින්
මන්දිරේ දොර නුඹව කැඳවයි බේබිලා
No comments:
Post a Comment