Friday, July 19, 2019

මරතොණ්ඩිය රටා අඳී - කරුණාරත්න දිවුල්ගනේ | Marathondiya rata andi - Karunarathna Duvulgane - sinhala lyrics






මරතොණ්ඩිය රටා අඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා


වාංගු හඬ පූජාවේ තුන් යමටම ඇසෙනා
තාංගු දෙයි හීන් දුකක් හිත ළඟ ගුලි ගැහිලා
කාන්සියට පැළලි වැටේ කවුළු දොරින් එබෙනා
හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා
හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා


මරතොණ්ඩිය රටා අඳී අතේ කැකුළු හිතේ

No comments:

Post a Comment