Monday, July 22, 2019

සමාව දෙනු මැන - මිල්ටන් මල්ලවආරච්චි | Samawa denu mena - Milton Mallawarachchi - sinhala lyrics


සමාව දෙනු මැන සමාව දෙනු මැන
වරදක් වූවා නම්
සිත රිදවන්නට ඔබ හඬවන්නට
සිතුවේ නැත මා නම්
සිතුවේ නැත මා නම්

විසකුරු මිනිසුන් ඇසුරින් මිදිලා
අව්වේ වැහි පින්නේ
කිරි දරුවකු මෙන් උණුසුම් වෙන්නයි
ඔබ වෙත මා එන්නේ
ඔබ නොබැලුවොතින් සෙනෙහසකින් මගෙ
සිත් සුවපත් කරලා
කොතැනක යන්නද කාට කියන්නද
අත් දෙක දික් කරලා
අත් දෙක දික් කරලා

සමාව දෙනු මැන සමාව දෙනු මැන
වරදක් වූවා නම්
සිත රිදවන්නට ඔබ හඬවන්නට
සිතුවේ නැත මා නම්

No comments:

Post a Comment