Wednesday, July 31, 2019

ළඳේ ළඳේ ළඳේ - එච්. ආර්. ජෝතිපාල, ඇන්ජලීන් ගුණතිලක | Lande lande lande - Jothipala Anjalin - sinhala lyrics


ළඳේ ළඳේ ළඳේ
වන බඹරු නුදුටු මලේ
මා ඔබට පිදුව හදේ
ඔබෙ රුව ම ඇඳී සැලේ
ළඳේ ළඳේ ළඳේ

මගෙ අඳුරු ලොවේ ඔබේ නෙතින්
එළිය වැටෙනවා //
ඔබෙ සුවඳ මගේ මැදුර පුරා
සුවඳ කරනවා

ළඳේ ළඳේ ළඳේ
වන බඹරු නුදුටු මලේ
මා ඔබට පිදුව හදේ
ඔබෙ රුව ම ඇඳී සැලේ
ළඳේ ළඳේ ළඳේ

ඔබ වෙසෙන පැලෙන් නව ලොවකට
ගෙන එමි කැන්දා //
ඔය සොඳුරු පැතුම් මුල සිට මගෙ
හදවත බැන්දා

ප්‍රියේ ප්‍රියේ ප්‍රියේ
ඔබ පතමි සියලු කලේ
මා ඔබට පිදුව හදේ
ඔබෙ රුව ම ඇඳී

Tuesday, July 30, 2019

ඔබේ ආදරේ මහා සාගරේ - සෝමසිරි මැදගෙදර | Obe adare maha sagare - Somasiri Medagedara - sinhala lyrics





ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ //

දුකේදී හඬාවී සැපේදී සිනාවී
රැඳේවී මගේ ජීවිතේ //
මා හීනෙකින්වත් නොකී දේ මවාලා
ඇදී යන්නෙ ඇයි මේ ලෙසේ

ඔබේ ආදරේ මහා සාගරේ
හා සමානයි කියූවත් ළඳේ
සැලී යයි ඇදීලා නිවාලයි බැඳීලා
සිතාගන්නේ මා කෙලෙසදෝ

නෑ මා ඔබේ ලෝකයේ හී සදා
වේදනාවන් මවා ආදරේ //
කම්පා නොවී හිඳිමු කීවාට ලොවම කරුණු
ඈතින් හෙලා චෝදනා

ඔබේ

Monday, July 29, 2019

දුනුකෙයියා මලක් වගේ - සුජාතා අත්තනායක ‍| Dunukeiya malak wage - Sujatha Aththanayaka - sinhala lyrics







දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා
වැටකෙයියා මලක් වගේ සුවඳ දැනෙනවා
පසළොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා
මගේ අම්මා මට ජීවන සුවය සදනවා

සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී
කෙනෙක් නොමැත දරුවෙකු හට මවක සේ ලැදී
අම්මා යන සමාධියට ඉඳිමි සමවැදී
ඔබෙ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදි

සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ
ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිමෙනවා අම්මේ
සක්විති රජවරුනගේ දණ ඔබ ළඟ නැම්මේ
සිරිමා බෝ මුල මතු දින බුදුවෙනු

Sunday, July 28, 2019

මාතොටින් එන උතුරු හුළඟේ - දීපිකා ප්‍රියදර්ශනී පීරිස් | Mathotin ena uthuru sulange - Deepika Priyadarshani - sinhala lyrics


මාතොටින් එන උතුරු හුළඟේ ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන සරෝජා මගෙ දෝණියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි මක් කරන්න ද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ ඒත් අපි එක පන්තියේ

කර වටේ අත දමා හිනැහුණු කෝ නුඹේ පොඩි යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක උන් ගිහින් පැන මායිමෙන්
තාත්තා හීනෙන් ඇවිත් අත වනන තුරු කඳවුරු දොරින්
කාටවත් නැති දුවේ කවුරුන් නුඹ රකීවි ද සෙනෙහසින්

මන්දිරේ දොර නුඹව කැඳවයි බේබිලා

Saturday, July 27, 2019

හාද වෙලා යමන් පනේ කරුණාරත්න දිවුල්ගනේ | Hada wela yaman pane - Karunarathn Divulgane - sinhala lyrics






හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
උඹට රේන්ද රෙදියි පට කම්බා අඳින්න දෙඤ්ඤයි //

ගාලු දුවඤ්ඤයි මම කොළඹ දුවඤ්ඤයි
උඹට වැලි හකුරුයි හබල පෙතියි ගෙනල්ල දෙඤ්ඤයි //

හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
උඹට රේන්ද රෙදියි පට කම්බා අඳින්න දෙඤ්ඤයි //

ගාල්ලට යඤ්ඤයි මම කොළඹ දුවඤ්ඤයි
උඹට කරට ඔබින මුතු දෙපටක් ගෙනල්ල දෙඤ්ඤයි //

හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
උඹට රේන්ද රෙදියි පට කම්බා අඳින්න දෙඤ්ඤයි //


Friday, July 26, 2019

ඔබ හමු වූ දිනේ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත | Oba hamuwu dine - Prince Udaya Priyantha - sinhala lyrics






ඔබ හමු වූ දිනේ මා ගොළු වී ගියේ
ආදරේ නිසා
මල් වන් ඔබේ සිනහා මැවේ
පිළිගන්නකෝ ආදරේ //

පාළුවෙ ගතවෙන හැම මොහොතක් පාසා
ඔබේ රුවයි මැවුනේ
එපා මා දමා යන්න වෙනතක් බලා
වෙන් වන්නෙ නෑ මා සදා

ඔබ හමු වූ දිනේ මා ගොළු වී ගියේ
ආදරේ නිසා
මල් වන් ඔබේ සිනහා මැවේ
පිළිගන්නකෝ ආදරේ

සිත සැනසේ මාගේ ඔබ දුටු මොහොතේ
ඉන්න මා හදේ
සදා ඔබ පතා ඉන්නවා මා සිතින්
ළං වන්නකෝ දැන් ඉතින්

ඔබ හමු වූ දිනේ මා ගොළු වී ගියේ
ආදරේ

Thursday, July 25, 2019

මා ඔබ හමු වූ දා - සී.ටී. ප්‍රනාන්දු, රුක්මණී දේවි | Ma oba hamuwu da - CT Fernando, Rukmani Devi - sinhala lyrics


මා ඔබ හමු වූ දා
මේ හද නැලවූ දා
ගැයූ ගීතේ සිහිනේ රස වෑහේ
රැව් දේ දෙසවන්හි දිව රෑ සදා

සන්තෝසේ ආසාවේ මහිමේ කියා
මගේ දෑසයි ඔබෙ දෑසයි පාවී ගියා
පැතුවා සේ සිතුවා සේ හමු වී සොයා
අද ආයෙ දුටුවා ඔයා

මා ඔබ හමු වූ දා
මේ හද නැලවූ දා
ගැයූ ගීතේ සිහිනේ රස වෑහේ
රැව් දේ දෙසවන්හි දිව රෑ සදා

සැනසිල්ල නැලවිල්ල පිරිලා සිතේ
ඔබෙ බැල්ම මගේ බැල්මේ රැඳිලා ඇතේ
සිත මාගේ මල වාගේ පුබුදා ගියා
අද ආයෙ දුටුවා ඔයා

මා ඔබ හමු වූ

Wednesday, July 24, 2019

තව එකම එක වරක් - අනුර රාජපක්ෂ | Thawa ekama eka warak - Anura Rajapaksha - sinhala lyrics



තව එකම එක වරක්
පරදින්න දිනුම දී
දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා
තව එකම එක වරක්
දිව එන්න මා සොයා
රිදවන්නේ නෑ ජීවිතේ පුරා //

ඔබ දුටුව මුල්ම ඒ දිනේ
හද බැඳුනු තුරුණු මා සෙනේ
බිඳලන්න බෑ මා ප්‍රියේ කිසිදා
ඒ නිසයි හදේ වේදනා

තව එකම එක වරක්
පරදින්න දිනුම දී
දිනවන්නෙමි ඔබ ජීවිතේ පුරා
තව එකම එක වරක්
දිව එන්න මා සොයා
රිදවන්නේ නෑ ජීවිතේ පුරා

ආවද වෙන්ව මා ගතින්
සමුගන්න බෑ සෙනේ සිතින්
සිඳලන්න වේදනා

Tuesday, July 23, 2019

අප දෙදෙනා දිහා බල බලා - තිලකසිරි රත්නායක | Apa dedena diha bala bala - Thilakasiri Rathnayaka - sinhala lyrics






අප දෙදෙනා දිහා බල බලා
පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා
වන්දනාවේ ගියා සමනලුන්
අප දෙදෙනා දිහා බල බලා


දුර ඈත දේශෙන් මෙහි ආ දිනේදි
මට දී නවාතැන් මේ පුංචි කුටියේ
මට පෑ ඔබේ ආදරේ
නොමැකී තියේ මා හදේ

අප දෙදෙනා දිහා බල බලා
පුංචි සේපාලිකා මල් ගහේ නැවතිලා
වන්දනාවේ ගියා සමනලුන්
අප දෙදෙනා දිහා බල බලා


වෙන් වී මෙසේ මා යමි මේ සෑඳෑවේ
ඔබ පෑ සිනාවන් මතකේ මවාලා
නික්මී ගියත් මේ ලෙසින්
පිටමන් නොවේ ඔබ සිතින්

අප

Monday, July 22, 2019

සමාව දෙනු මැන - මිල්ටන් මල්ලවආරච්චි | Samawa denu mena - Milton Mallawarachchi - sinhala lyrics


සමාව දෙනු මැන සමාව දෙනු මැන
වරදක් වූවා නම්
සිත රිදවන්නට ඔබ හඬවන්නට
සිතුවේ නැත මා නම්
සිතුවේ නැත මා නම්

විසකුරු මිනිසුන් ඇසුරින් මිදිලා
අව්වේ වැහි පින්නේ
කිරි දරුවකු මෙන් උණුසුම් වෙන්නයි
ඔබ වෙත මා එන්නේ
ඔබ නොබැලුවොතින් සෙනෙහසකින් මගෙ
සිත් සුවපත් කරලා
කොතැනක යන්නද කාට කියන්නද
අත් දෙක දික් කරලා
අත් දෙක දික් කරලා

සමාව දෙනු මැන සමාව දෙනු මැන
වරදක් වූවා නම්
සිත රිදවන්නට ඔබ හඬවන්නට
සිතුවේ නැත මා නම්

Sunday, July 21, 2019

පෙම් සීන ලෝකේ මායා - මොහිදීන් බෙග්, රුක්මණි දේවි | Pem seetha Loke Maya - Mohideen Baig, Rukmani Devi - sinhala lyrics





පෙම් සීන ලෝකේ මායා සංසාරයේහි පාවේ
සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ
සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ


දෙදෙනාගේ ආලය පාන සේමා බැබළේවා ලෝකේ
සේමා බැබළේවා ලෝකේ
ආකාසේ පොළොවේ හා ජලේ මේ ප්‍රීති ගීත පාවේ

සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ
සැනසීම ප්‍රේමේ සැපතා නැතුවා ද තාම ආවේ


සන්ධ්‍යාවේ පරවන මලකී මේ ජීවිතේ දඟකාරී
ඇයි ප්‍රේමේ නොතකා ඉන්නේ මේ ශේෂ වූ වෙලාවේ
මේ ශේෂ වූ වෙලාවේ

සැනසීම ප්‍රේමේ

Saturday, July 20, 2019

මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ - රූකාන්ත ගුණතිලක | Mage hithe dukak kiya deyak ne - Rookantha Gunathilaka - sinhala lyrics





මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ //

ආදරේ ඕනදෝ කාට හෝ
වේදනා ලබන්න ආසදෝ
පාලුවෙන් මිදෙන්න ඕන කාටදෝ
දෙන්නෙමී සහන් බිඳක් කියන්නකෝ

මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
ආදරේ කියා අලුත් දෙයක් නෑ
වින්ද වේදනා හදේ තවත් නෑ

නොදන්නෙමී අතීතයේදි ආදරේ
දැන් දනිමි පුදන්නෙ කොයි ලෙසේ
පෙම්වතා වෙමී ඔබේ අදත්

Friday, July 19, 2019

මරතොණ්ඩිය රටා අඳී - කරුණාරත්න දිවුල්ගනේ | Marathondiya rata andi - Karunarathna Duvulgane - sinhala lyrics






මරතොණ්ඩිය රටා අඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා


වාංගු හඬ පූජාවේ තුන් යමටම ඇසෙනා
තාංගු දෙයි හීන් දුකක් හිත ළඟ ගුලි ගැහිලා
කාන්සියට පැළලි වැටේ කවුළු දොරින් එබෙනා
හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා
හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා


මරතොණ්ඩිය රටා අඳී අතේ කැකුළු හිතේ

Thursday, July 18, 2019

ඉස්සර සෙනෙහස - නාමල් උඩුගම | Issara senehasa - Namal Udugama - sinhala lyrics






ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
මැවි මැවි රිද්දනවා
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවම
ඔබ මට හිනැහෙනවා //

සුවඳක් දැනුණත් තවමත් ආසයි
පණ මෙන් පිදු හින්දා
මගේ අහිංසක හිත තැලුවත් නෑ
තරහක් මට දැනිලා

ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
මැවි මැවි රිද්දනවා
ඇස් දෙක වස්සන කඳුළැලි දුටුවම
ඔබ මට හිනැහෙනවා

දම් පැහැ ගවුමයි රතුමල් කුඩයයි
තාමත් තියෙනවද
එපා වුණත් මා එපා දවන්නට
ඒ ආදර තිළිණ

ඉස්සර සෙනෙහස තිස්සෙම හදතුල
මැවි මැවි

Wednesday, July 17, 2019

තිලොනා සෑසි මුණි - අහමඩ් මොහිදීන් | Thilona sasi muni - Ahamed Mohideen - sinhala lyrics






තිලොනා සෑසි මුණි ගෞතම ස්වාමි
ලෝ බලනා සඳෙහි නෙත පා
ලෝ බලනා සඳෙහි

පිනැති ජනතා සසරින් ගොඩලන්ටා
තිලොනා සෑසි මුණි ගෞතම ස්වාමි
ලෝ බලනා සඳෙහි නෙත පා
ලෝ බලනා සඳෙහි

ලංකාදීපෙහි කැළණි පුරේහි
මැණික් පුටුවටා මිණි පළඟේහී //
අයිතිය ගන්ටා යුදයට පත්වූ
චූලෝදර හා මහෝදරාදින්ගේ

තිලොනා සෑසි මුණි ගෞතම ස්වාමි
ලෝ බලනා සඳෙහි නෙත පා
ලෝ බලනා සඳෙහි

වෛර ශ්‍රී මුණි දැකලා සැණිනා
නෙත්ති ගුවන් හී රෂ්මි විදාලා //
ශාන්ත

Tuesday, July 16, 2019

ජය සිරිමා හාමුදුරුවනේ - දීපිකා ප්‍රියදර්ශනී | Jaya sirima hamuduruwane - Deepika Priyadarshani - sinhala lyrics



ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ)
දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා
ගිණි මැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්ඩ තහංචිද
ජය සිරිමා හාමුදුරුවනේ

වැලි මළුවේ ඉඳ සාධු කියන කොට
අහිතක් නොහිතා ඉන්ඩ හොඳයි
ඉස්සර වාගෙම දාදිය මුහු වුණු
අපේ බාර පිළිගන්ඩ හොඳයි

ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ)

රන් වැට පාමුල සාධු කියන කොට
ලෙන්ගතු කම් නොහිතන්ඩ හොඳයි
බුදු හාමුදුරුවෝ දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ

Monday, July 15, 2019

විහඟ ගීතය නිහඬ ඇයි - අමරසිරි පීරිස්, මාලිනී බුලත්සිංහල | Vihanga geethaya - Amarasiri Peiris, Malani Bulathsinghala - sinhala lyrics




විහඟ ගීතය නිහඬ ඇයි
කියනු මැන කොඳුරා
නොපෙනෙනා දුර
ඈත කුටියක සිරවෙලා
විහඟ ගීතය
නිහඬ සුසුමක නැවතිලා

ලදළු මැලවී තුරු ලතා තැති ගැනී
සිරස සරසන මලක්වත් නැහැ පිපී
අඳුර රජවී අනේ දුනු හි ඇනී
නිහඬ කුටියක විහඟ ගී ගොළු වුනී

විහඟ ගීතය නිහඬ ඇයි
කියනු මැන කොඳුරා
නොපෙනෙනා දුර
ඈත කුටියක සිරවෙලා
විහඟ ගීතය
නිහඬ සුසුමක නැවතිලා

කඳුළු වගුරා පහුරු ගා දෙස් තියා
ප්‍රගීතයකට කොහොම තැවෙමුද හඬා
පියාඹන්නට නාද දී නිදහසේ

Sunday, July 14, 2019

එක යායට මල් පීදුන - සනත් නන්දසිරි | Eka yayata mal peeduna - Sanath Nandasiri - sinhala lyrics






එක යායට මල් පීදුනු බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ //

රාස්සිගේ අව්ව වැටී දඹරන් වූ ඔබ කෙහෙරැලි //
සුළං සමග පොරබැදුවා
ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට

එක යායට මල් පීදුනු බිම් තීරේ
පාර දිගේ කණින් කණට
කොඳුර කොඳුර ඔබයි මමයි විතරයි හිටියේ

ගොපළු කොලුගෙ බටනලාව සංගීතය මවන අතර //
දොලේ දියෙන් පාදෙව්වා
ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට

එක යායට මල් පීදුනු බිම් තීරේ

Saturday, July 13, 2019

සයුරක් නොදුටු ගඟුලක් - සුනිල් එදිරිසිංහ | Sayurak nodutu gangulak - Sunil Edirisinghe - sinhala lyrics






සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ //

කඳුළක් නොසැලු නෙතකින්
හසරැල් සොයන්නෙපා //
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ

සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා //
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා

සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ

Friday, July 12, 2019

සීතල පිණි බිංදු බිංදු - වික්ටර් රත්නායක | Seethala pini bindu bindu - Victor Rathnayaka - sinhala lyrics





සීතල පිණි බිංදු බිංදු
රෑ තරු මත රැන්දු රැන්දු
ඇගේ නුවන් තෙමී කැළුම් පාවේ
ආදර සුව සිහින කැන්දු
මීවිත මුව රැන්දු රැන්දු
මගේ සිතුම් ඇගේ පැතුම් යාවේ

පීදෙන සඳ රේණු පාවී
මේ මාවත සුවඳ දේවි
සොඳුර ඔබේ මගේ සිතැඟි යාවේ
මේ රෑ නැඟි රෑහි ගීත
තනි වී සවනේ රැඳේවි
ඔබ මා වෙත රැඳී ඉන්න සිහින ලතාවේ

සීතල පිණි බිංදු බිංදු
රෑ තරු මත රැන්දු රැන්දු
ඇගේ නුවන් තෙමී කැළුම් පාවේ
ආදර සුව සිහින කැන්දු
මීවිත මුව රැන්දු

Thursday, July 11, 2019

මේ ආලවන්ත වීදියේ - අමරසිරි පීරිස් | Me alawantha veediye - Amarasiri Peiris - sinhala lyrics






මේ ආලවන්ත වීදියේ
නෙක විසිතුරු සල්පිල් වල
නෙක විසිතුරු සල්පිල් වල
සිහින තියෙන්නේ
ඒ සිහින වලින් වඩා සොඳුරු
සිහින සොයා වීදි පුරා යන්න හිතෙන්නේ
යන්න හිතෙන්නේ

මේ ආලවන්ත වීදියේ
සොඳුරු වුනත් පාට හීන
වැඩි මිල නෑ
හරි ලාබෙට ගන්න තියෙන්නේ
පරිස්සමින් නොගත්තොතින්
සිහින බි‍ඳෙන්නේ
මේ ආලවන්ත වීදියේ

මේ ආලවන්ත වීදියේ
නුරා ළඳුන් නෙතඟ බැලුම්
වැඩි මිල නෑ
අතමානෙම ගන්න තියෙන්නේ
පරිස්සමින් නොගත්තොතින්
දෑස

Wednesday, July 10, 2019

වාසනා වේවා - සනත් නන්දසිරි | Wasana wewa - Sanath Nandasiri - sinhala lyrics





වාසනා වේවා
වාසනා වේවා
පින්බර යුවතිය කුල කුමරිය වී
මංගල මල් නැකතේ
පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ
වාසනා වේවා
වාසනා වේවා

කුළුඳුල් මංගල පියවර තබනා
නොඉඳුල් සුන්දර යුවලකි අගනා
චාමර සේසත් සැ‍ළෙමින් සදනා
ආශිර්වාදෙන් ආසිරි වේවා

වාසනා වේවා
වාසනා වේවා
පින්බර යුවතිය කුල කුමරිය වී
මංගල මල් නැකතේ
පෙම්බර කුමරෙකු අතිනත ගෙන ඈ
දීගෙක යන දවසේ
වාසනා වේවා
වාසනා වේවා

සිතුවිලි පිවිතුරු නම් අද දවසේ
හෙට

Tuesday, July 9, 2019

පූසෙක් මං පූසෙක් - අර්ජුමාන් | Puusek | Introverted - ARJUMANN





තනියෙන් මං හරි පාලුවෙන් ඔහේ ඇවිදින්නම්
ඔහේ ඉගිලෙන්නම් මට කූඩු හරි අවුල්
ලෝකෙ වටේම රෝන්දෙ ගහලා ආදරෙ හොයන් එන්නම්
ඇවිල්ලා නිවන්නම් ඔබේ ජීවිතේ තැවුල්

පූසෙක් මං පූසෙක් රෑනක් නෑ කොහේවත්
ඉන්නෙත් මේ පාළු කාමරේ
මාව ඕනෙ නම් වරෙන් තකහනියක් හොයන් වරෙන්
දෙන්නම්කෝ මාගෙ ආදරේ

තනිකම වගේ සැනසිල්ලක් මට තවත් කොහෙද ලෝකේ
දන්න උන් නම් දන්නවා ඒකෙ ඇති සුවේ
හැමෝටමනම් මගේ කාමරේ දොරවල් ඇරෙන්නෙ නෑ
කාටහරි දොර ඇරියෝතින්

Monday, July 8, 2019

බුදු මග යන්නට - දයාන් විතාරණ ‍| Budu maga yannata - Datan Witharana - sinhala lyrics






බුදු මග යන්නට බුදු බණ ඇසුමට
පිං කෙරුවා අපි සසර පුරා
බුදු ගුණ මහිමය ඇති වේවා
සංසාරේ දුක නිවෙන තුරා

දිවා රැයේ බුදු හිමි තේවාවට
ළග ඉන්නම්
නිවනේ දොරටුව දකින තුරා
බුදුහිමි ගුණ පවසන්නම්

බුදු මග යන්නට බුදු බණ ඇසුමට
පිං කෙරුවා අපි සසර පුරා
බුදු ගුණ මහිමය ඇති වේවා
සංසාරේ දුක නිවෙන තුරා

වනපස මල් ගෙන බුදු සිරි පා
පුදදෙන්නම්
තුන් සිත දහමින් නිවෙන තුරා
බුදු හිමි ගුණ පවසන්නම්

බුදු මග යන්නට බුදු බණ

Sunday, July 7, 2019

යොවුන් වසන්තයේ - නන්දා මාලිනී | Yowun Wasanthaye - Nanda Malini

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ
රෑන් මුදාගෙන පාවී යනු මැන ඉගිල්ලිලා
යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ

දිළිසෙන කඳුළේ කිරණින් නෑවී
සිඟිති ආදර දූපතක තනිවී //
ගංඟාවක් සේ ගලා බසිනු මැන
ගංඟාවක් සේ ගලා බසිනු මැන
නිරන්තරේ සිනා සිසී
නිරන්තරේ සිනා සිසී

යොවුන් වසන්තයේ දුහුල් වළාකුලේ

හසරැලි ගවසා තුරු මුදුනේ
කල්පනා තෝතැන්නේ //
තරු අහුරක් සේ රෑ ඇවිළෙනු මැන
අහස් ගඟේ දියඹ දිගේ
අහස් ගඟේ

Saturday, July 6, 2019

දිසාපාමොක් ඇදුරුතුමනේ - ශානිකා සුමනසේකර | Disapamok - Shanika Sumanasekara - sinhala lyrics



දිසාපාමොක් ඇදුරුතුමනේ
තක්සලාවෙන් යන්න අවසර..
හොදම සිසුවිය නොවී මඟහැර
රැගෙන යන්නම් කුමරි බඹසර..

පුරා සූසැට - කලා භූෂණ
රන් පදක්කම් දිනා ගෙල පළදන්..
උපාදියෙ කළු කබායෙන්
කෙසේ සඟවම් රතු පලස්මත
තිබෙන කඩතොළු තැන්..
තිබෙන කඩතොළු තැන්..

උපදවා බැති පෙම් හැඟුම්..
නොරිදවා ගුරු සිත අකුරු කරමින්..
කෙලෙස අදහා ගනිම්දෝ..
දෙවොළ ඇතුලේ පහන් සොරකම්
කරනබව දෙවියන්..
දේවතා එලියෙන්..

දිසාපාමොක් ඇදුරුතුමනේ...

ගායනය

Friday, July 5, 2019

සඳගනාවට - දනිත් ශ්‍රී | Sandaganawa - Danith Sri - sinhala lyrics






උදුල තරු මේ අහස් තලයෙන් වසන් වී වාගේ..
මාර සේනා හදට කැන්දන යාමෙ ලං වූයේ..
මේඝ වර්ශා ගලා හැලුනේ සේද යහනාවේ..
දෝරෙ යන මේ හැඟුම් ගංඟා ඔහේ සැලුනාවේ..

සඳගනාවට සඳලුතල සිප..
සුව දෙන යාමයේ..
උණුහුමේ ගිරි තුඩට මීපැණි..
ගෙනේවී රාත්‍රියේ..ආයේ..

කාලෙකින් මං ආවෙ නැත්තේ පහල ගං තීරේ..
ඉවුරු තල සිප ගන්න අවසර දේද හිත කීවේ..
ගෙවී යන මේ භවේ ජීවිත ගානෙ සංසාරේ...
මගෙම වී පතිනිය නුඹේ දිවි ගෙවේවා නිබදේ..

Thursday, July 4, 2019

වෙඩි වරුසා - සඳුන් පෙරේරා | Wedi Warusa - Sandun Perera - sinhala lyrics






දිනෙක වරදින්නම ඕනේ..
දැනගන්න මිනිසුන් ලෝකේ..
කවුද හැබැහින් නැති දා මෙන්..
ආදරේ කියා..
ඔබට මා හොද මදි වූයේ
ආස කරනා වටින දේ..
ගෙන දෙන්න ඉල්ලන වේගෙන්
මට බැරි නිසා..

වෙඩි වරුසා ඇද හැලුනත්
මිය නොවෙන ප්‍රේමෙට මගේ..
බොරු කරලා කවදාවත්
සැනසෙන්න බෑ අන්තිමේ..//

මාගෙ දිවියේ කිසිම දිනයේ..
නොකල දේවල් හුඟක් කෙරුවේ..
ඔබ තබන්නයි මලක් වාගේ..
සුවඳ හමමින් රෑ දිවා..

කඳුලු හෙලලා හැමට වචනෙන්
නොකීවත් මා හඬ නගා..

Wednesday, July 3, 2019

එක දවසක් පළඟැටියෙක් - අජිත් කුමාරසිරි | Eka dawasak palangatiyek - Ajith Kumarasiri - sinhala lyrics



එක දවසක් පළඟැටියෙක්
සිතුවමක් ඇන්දා
සිතුවමක් වගේ
සිතියමක් ඇන්දා
සිතියමේ උන්නු සමනලයා
මං මුලා වුණා
මල් හොයලා

ගහකොළ විතරයි පේන මානේ
සුළඟ හමනවා සුවඳක් නෑනේ
සිතියමේ උන්නු සමනලයා
මං මුලා වුණා
මල් හොයලා

බොරුව ළඟ වැඩියි මේ ලෝකේ
ඒක සූම් කරල අපි බලලත් නෑනේ
සිතියමේ උන්නු සමනලයා
මං මුලා වුණා
මල් හොයලා

එක දවසක් පළඟැටියෙක්
සිතුවමක් ඇන්දා
සිතුවමක් වගේ
සිතියමක් ඇන්දා
සිතියමේ උන්නු සමනලයා
මං මුලා වුණා
මල්

Tuesday, July 2, 2019

ස්තූතියි - සමිත් සිරිමාන්න | Sthuthi - Samith Sirimanna - sinhala lyrics







ආදරයෙන් ගිණියම් වූ..
මේ හිත ඇහැරෙන්නෑ...ලූ
හැමදාමත් පරදින්නේ ලොකේ..
අවංකව වූ අය මයි ලූ..
වෙන් වීමෙන් පසු ගත වූ..
කාලය සිහියේ නෑලූ..
ඇත්තට ආදරේ කළ අය ලොකේ..
දාලා ගියත් එනවාලූ..

ආදරේටයි නම කොටා..
ගත්තේ මාගේ අත පුරා..
වේදනාවන් ඉවසලා..
සිටියේ මාගේ වේ සිතා..

ස්තූතියි ආදරේ ගැන
පාඩමක් ඔබ ඉගැන්නුවා..
අස්ථිරයි සෑම දේ ලොව..
ඕනේ නම් යන්නකෝ ඔයා...//

සඟවන්න බෑ මට කෙල්ලේ..
සම්බන්ධෙ නෑ දැන් අපගේ..

Monday, July 1, 2019

මා ඔබේ සකුන්තලා - සුජාතා අත්තනායක | Ma obe sakunthala - Sujatha Attanayake - sinhala lyrics


මා ඔබේ සකුන්තලා
මා ඔබේ නිසන්සලා
පෙම් මන්දිරේ පුරා
ඔබ කී කතා ඇසේ //
මා ඔබේ සකුන්තලා


හද මංජුසාව දෙදරා
නූපන් සෙනේ මුලාවේ
හද මංජුසාව දෙදරා
නූපන් සෙනේ මුලාවේ
පිටුපෑව ආල කුමරෝ
පිටුපෑව ආල කුමරෝ
හමුවෙන්න මතු භවේදී

මේ අනෝම ආදරේ
මේ අනාත මංසලේ
පෙම් මංදිරේ පුරා
ඔබ කී කතා ඇසේ
මා ඔබේ සකුන්තලා


මද අන්දකාර විජිතේ
යාත්‍රා රුවල් බිඳෙන්නේ
මද අන්දකාර විජිතේ
යාත්‍රා රුවල් බිඳෙන්නේ
එකදාම එකම සොහොනේ
එකදාම එකම