Friday, August 10, 2018

සැනසෙන්නම් මා - සේනක බටගොඩ | Sanasennam ma - Senaka Batagoda - sinhala lyrics





රෑ අහසේ තරු දිලුනට
නෑ එලියක් හඳ වාගේ
ජීවිතයට මොනවා තිබුණද
නෑ කිසිවක් නුඹ වාගේ


සැනසෙන්නම් මා
නුඹ ළඟනම් හැම මොහොතෙම
හඳුනාගන්නට
ජීවිතයම

සරලයි නම් මා
නුඹ හා ගෙවනා කාලය
සෙනෙහස විඳ
ඉපිලෙයි සිත


පාට ඉතිරෙන දේදුන්නක හැඩ
පාවී යන්නෑ සුළ‍ඟේ බොඳවී
ලෝකය ගැන නුඹ දකිනා සිත
පාට පාට දේදුන්නක් වාගේ


සැනසෙන්නම් මා
නුඹ ළඟනම් හැම මොහොතෙම
හඳුනාගන්නට
ජීවිතයම

සරලයි නම් මා
නුඹ හා ගෙවනා කාලය
සෙනෙහස විඳ
ඉපිලෙයි

No comments:

Post a Comment