හිරු පායා බසී සඳු බැස නැග එනවා
ඇල දොල නදී සිඳු පතුලට බැස යනවා
රන් මුතු මැණික් හිමි වී අහිමිව යනවා
මගෙ ජීවිතය හා ලෝ දම කැරකෙනවා
මගෙ ජීවිතය හා ලෝ දම කැරකෙනවා
තමන් හිසට තම අතමය සෙවණැල්ල
වනන්තරේවත් නැත එම සැනසිල්ල
නිරන්තරේ හිත රිදවන කැළඹිල්ල
නිවන් ගියා මෙනි හැකිනම් ඉවසිල්ල
නිවන් ගියා මෙනි හැකිනම් ඉවසිල්ල
සුන්දර සොබාදම මෙයටත් වැඩිය මට
සෙනෙහස පාන්නේ කෙළෙසද සියලු විට
අම්මේ මා රැඳෙව් මේ ලොව එළිය
No comments:
Post a Comment