Monday, August 5, 2019

සඳ තරු නිහඬයි - ඩබ්. ඩී. අමරදේව | Sanda tharu nihandai - WD Amaradewa - sinhala lyrics






සඳ තරු නිහඬයි
ගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

පියා නුවන් යුග නිවා හැඟුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාලුව ත‍නිකම කුටියට අවුදින්
හදවත අවදි කලා

සඳ තරු නිහඬයි
ගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සඳ
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ
හදවත අවදි කලා

සඳ තරු නිහඬයි
ගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක්

No comments:

Post a Comment