Thursday, August 29, 2019

ඔබ ආවා - කිත්සිරි ජයසේකර | Oba awa sina pokurak aran - Kithsiri Jayasekara - sinhala lyrics





ඔබ ආවා සිනා පොකුරක් අරන්
සීත සයනයෙ හීන කොදෙව්වට ඔබ ආවා
ඉකි ගසන හිත රිදෙන
නිදි බිඳින රෑ ඔබ ආවා
ඒ ඔබයි ඔබමයි සුවඳයි
ඔබ සුවඳ අරන් ආවා

මේ සුවඳ මාරුතේ
මම තාම මල් සුවඳ සොයනවා
මේ සුසුම් සීතලේ
උණුහුමක් තවම මම සොයනවා
ඒ ඔබයි ඔබමයි සුවඳයි
ඔබ සුවඳ අරන් ආවා

කළු අඳුරු ආකහේ
රහස් කොඳුරන අපෙ ආදරේ
ඉකි ගසන මේ රැයේ
ඔබයි සඳමඬල මගෙ ජීවිතේ
ඒ ඔබයි ඔබමයි සුවඳයි
ඔබ සුවඳ අරන් ආවා

ඔබ ආවා සිනා පොකුරක් අරන්
සීත සයනයෙ

No comments:

Post a Comment