Saturday, August 31, 2019

පින්න මල් පිපී - අමිතා වැදිසිංහ ‍| Pinna mal pipi - Amitha Wedisinghe - sinhala lyrics






පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි
පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි //

ලන්ද කොනේ වෙල අයිනේ
කැන්ද ගහේ ගහ මුදුනේ //
සිංදු කියන කුරුලු රෑන ගම නළවනවා
ගම නළවනවා

පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි
පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි

බිංදු බිංදු රන් පිණි මුතු
පුංචි පුංචි කරල් හැදී //
ගොයම් ගසේ අග ඇමිණී සුළඟෙ නටනවා
සුළඟෙ නටනවා

පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි
පින්න මුතු වගේ මල් මත නටනු

Friday, August 30, 2019

මීදුමක් වෙලා එතෙන්න - අජිත් පෙරේරා | Meedumak wela ethenna ma wate - Ajith Perera - sinhala lyrics




මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ
මා ගමෙන් ඇවිත් හිඳිද්දී මේ නවාතැනේ
ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ
මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ

සේද මීදුමේ ඈත කන්ද පාමුලේ
පෙම්වතුන්ගේ පාළු පාරේ පා නගා ගියේ
සිහිවේද මතකේ අපේ
මට වාගේ ඔබටත් ළඳේ

මීදුමක් වෙලා එතෙන්න මා වටේ
සීතලේට නින්ද නේන රාත්‍රියේ
මා ගමෙන් ඇවිත් හිඳිද්දී මේ නවාතැනේ
ආදරේ ඔබේ පෙරටත් වඩා දැනේ
මීදුමක් වෙලා

Thursday, August 29, 2019

ඔබ ආවා - කිත්සිරි ජයසේකර | Oba awa sina pokurak aran - Kithsiri Jayasekara - sinhala lyrics





ඔබ ආවා සිනා පොකුරක් අරන්
සීත සයනයෙ හීන කොදෙව්වට ඔබ ආවා
ඉකි ගසන හිත රිදෙන
නිදි බිඳින රෑ ඔබ ආවා
ඒ ඔබයි ඔබමයි සුවඳයි
ඔබ සුවඳ අරන් ආවා

මේ සුවඳ මාරුතේ
මම තාම මල් සුවඳ සොයනවා
මේ සුසුම් සීතලේ
උණුහුමක් තවම මම සොයනවා
ඒ ඔබයි ඔබමයි සුවඳයි
ඔබ සුවඳ අරන් ආවා

කළු අඳුරු ආකහේ
රහස් කොඳුරන අපෙ ආදරේ
ඉකි ගසන මේ රැයේ
ඔබයි සඳමඬල මගෙ ජීවිතේ
ඒ ඔබයි ඔබමයි සුවඳයි
ඔබ සුවඳ අරන් ආවා

ඔබ ආවා සිනා පොකුරක් අරන්
සීත සයනයෙ

Wednesday, August 28, 2019

ආදරේ පුද දෙන්න ඇයිදැයි පමා - ජාලිය රණතුංග | Adare puda denna - Jaliya Ranathunga - sinhala lyrics






ආදරේ පුද දෙන්න ඇයිදැයි පමා
වේදනා විඳගන්න ඇයිදැයි පමා
මා වෙතේ ළං වන්න නෑ දැන් පමා
මා ඔබේ අත ගන්න නෑ දැන් පමා

පෙරදාක සතුටේ වෙලී
තව දාක කඳුලේ ගැලී
ඒ සේ සුසුම් වැල් බිඳී
තරු රෑනපායා දිලී
මා දෑස ඔය දෑස හමුවේ තියා
විමසන්නේ ඔබගෙන් ළඳේ

ආදරේ පුද දෙන්න ඇයිදැයි පමා

මේ ජීවිතේ මා වෙතේ
කළඹන්නෙ ඔබමයි සිතේ
අනුනාද වී මා හදේ
දැතපෙන්න මාගේ ළයේ
හමුවීල තෙපලන්න මේ යාමයේ
සැනසෙන්න ඒ යාමයේ

ආදරේ පුද දෙන්න ඇයිදැයි

Tuesday, August 27, 2019

සුවඳ දෙන මල් වනේ - රූකාන්ත ගුණතිලක | Suwanda dena mal wane - Rookantha Gunathilake - sinhala lyrics






සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා
ඔබේ ළමැදේ සෙනේ මැදුරේ සුසුම් නැගිලා
සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා

මේ නුරා සැඳෑ කලේ සෝ සුසුම් හෙලා
ඈත තාරකා දිහා නිල් නුවන් යොමා
ඒ ඔබේ සුපෙම්වතා ඒවිදෝ බලා
නෑ පලේ තැවී හඬා වේදනා දරා
වේදනා දරා

සුවඳ දෙන මල් වනේ බිඟුන් බැඳිලා
කඳුළු බිඳු නිල් නුවන් පුරා රැඳිලා

මේ ලොවේ දිනූ අපේ ජීවිතේ කෙටියි
කාලයේ

Monday, August 26, 2019

සුභා කියා මා - පුන්සිරි සොයිසා | Subha kiya ma - Punsiri Soysa - sinhala lyrics



සුභා කියා මා ඔබ අමතන්නද
ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්නද
මට නම් නොහැඟෙන්නේ
කොහොම ඇමතුවත්
ඒ හා සැසඳෙන ඔබේ රුවින්
භවය පුරා මා සුවපත් වන්නේ


කිඳුරු ඇසින් දඹදිවම වශී කල
කිඳුරු ඇසින් දඹදිවම වශී කල
එදා ඉපදුන සුභා ලෙසේ
මෙදා මෙදියත උපන් සුභා ඔබමයි

සුභා කියා මා ඔබ අමතන්නද
ස්වර්ණමාලී ලෙස ඔබ අමතන්නද
මට නම් නොහැඟෙන්නේ
කොහොම ඇමතුවත්
ඒ හා සැසඳෙන ඔබේ රුවින්
භවය පුරා මා සුවපත් වන්නේ


ලැම විල රන් පෙති ගෝමර මාලා

Sunday, August 25, 2019

සිතට ගතට දැනෙන ලෙසට - අතුල අධිකාරි, සමිතා මුදුන්කොටුව | Sithata gathata - Athula Adhikari, Samitha Mudunkotuwa - sinhala lyrics



සිතට ගතට දැනෙන ලෙසට
ඔබෙන් නැගෙන පෙම් සිනාව
සැමදා එක ලෙස ලැබෙනවද
මා දුටු විට ඔබේ මුවේ
නිතර ඇදෙන පෙම් සිනාව
කිසිදා අමතක නොවෙනවද //

ගේ කුරුලන් කිචි බිචි ගා
අතන කරන පෙම් කතාව
මුවට මුව තබා පෙන්වන
ආදර බර ජවනිකාව
අපේ ලොවත් මේවාගෙද
ආදරයත් මේවාගෙද

සිතට ගතට දැනෙන ලෙසට
ඔබෙන් නැගෙන පෙම් සිනාව
සැමදා එක ලෙස ලැබෙනවද
මා දුටු විට ඔබේ මුවේ
නිතර ඇදෙන පෙම් සිනාව
කිසිදා අමතක නොවෙනවද

ආදර බස් දොඩ දොඩ
ඔබ ළඟ

Saturday, August 24, 2019

ගායෙන් මං මුදවලා - සංගීත් විජේසූරිය | Gayen man mudawala - Sangeeth Wijesooriya - sinhala lyrics





ගායෙන් මං මුදවලා සීලෙන් අගතැන් කළා
කෝලම්කාර මාගේ පාළු මක මකා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
මේ ලස්සන ලොව පුරා මා එක්කම සැරිසරා
ජීවත්වන කාලෙ තාලෙ හුරු කළා
අම්මා


පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බරබාග ලෝකේ නැති කළා
පාඩම් පොත ජීවිතේට අලවලා කියවලා
ලාඩම් බරබාග ලෝකේ නැති කළා
බෝසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා
බෝසත්කම තවරලා ලාලිත්‍යය මතු කළා
කාටත් වැඩි ආදරේක ගිල්වලා

Friday, August 23, 2019

ඇතුගල වෙහෙර වඳින - චාමර වීරසිංහ | Athugala wehera wandina athkanda lihini rena - Chamara Weerasinghe - sinhala lyrics







ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්
ඇත්කඳ වෙහෙර මළුවෙ මං
හැඬුවෙමි දුකට රත්තරන්


රන්තාලිය වැව ළඟ උන් කාලය මතකද
අතීත මතක අරන් නුඹ ගිය දුරක තරම
වැව පාමුල ඉඳගෙන මං
හැඬුවේ දුකට රත්තරන්

ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
ඇතුගල වෙහෙර වඳින ඇත්කඳ ළිහිණි රෑන
නුඹ ගැන කියන වචන උහුලාගන්න බැරුව

Thursday, August 22, 2019

විලක් නෙළුම් මල් අරගෙන - අජිත් බණ්ඩාර | Vilak nelum mal aragena - Ajith Bandara - sinhala lyrics



විලක් නෙළුම් මල් අරගෙන
ගෙනත් පළන්දන් යන්නට
දියකැට පහන කොහෙන්ද
ප්‍රේමයෙ තරම මනින්න
ගොඩක් සුසුම් වැල් හෙලුවම
මටත් දුකයි පෙම් කෙරුවට
ඇස් දෙක දිහා බලන්න
ඇතුගල පාමුල ඉන්න
ඇතුගල පාමුල ඉන්න


ඉරබටු තරුව දකින්න
වෙල් ඉපනැල්ලට එන්න
කවියක එළිවැට වෙන්න
මගෙ හිත උඩ ඇලවෙන්න
කවියක එළිවැට වෙන්න
මගෙ හිත උඩ ඇලවෙන්න

විලක් නෙළුම් මල් අරගෙන
ගෙනත් පළන්දන් යන්නට
දියකැට පහන කොහෙන්ද
ප්‍රේමයෙ තරම මනින්න
ගොඩක් සුසුම්

Wednesday, August 21, 2019

ඔයා මගේ සුරංගනා කතාවේ - වර්නන් පෙරේරා | Oya mage surangana kathawe - Vernon Perera - sinhala lyrics






ඔයා මගේ සුරංගනා කතාවේ
ලස්සන සුරංගනාවි
දසන් විදා සිනා නගන වෙලාවේ
හදවත සිසිල් කරාවී //

කෙතේ ගොයම් ලතාවටයි
සැලී ලෙලෙන්නේ
එසේ ඔයා ගමන් කරන්නේ
විදුලි කොටන ලෙස
නෙත් සර හෙලන්නේ
මගෙ හද සලිතව යන්නේ

ඔයා මගේ සුරංගනා කතාවේ
ලස්සන සුරංගනාවි
දසන් විදා සිනා නගන වෙලාවේ
හදවත සිසිල් කරාවී

අහස් ගැබේ වලා පොදක්
සෙමින් ඇදෙන්නේ
එසේ ඔබේ වරළ ලෙලෙන්නේ
මගේ පැළට සහන් එළිය ගෙනෙන්නේ
සිරි දුව ලෙස ගැවසෙන්නේ

ඔයා මගේ

Tuesday, August 20, 2019

මන්දාරම් නුවර - සිලානි තුමාරා පීරිස් | Mandaram Nuwara - Silani Thumara Peiris - sinhala lyrics





මන්දාරම් නුවරට ඉහළ අහසේ
පින්න පුරෝපු වලාකුළ නුඹ
කඩාවැටියන් ඉරි තැලුණු මාගේ
සීතල ජීවිතය තෙමන්

ලෝකයෙන් හුදකලා වූ
තප්පර කටු මීදුමෙන් මිදෙන
පාළු නුවර වීදි දිගේ
හීන සායම සොයා යමු //

කළු පාට මුහුදු තීරයේ
හිරු සොයා අපි නැව් නැගෙමු
හිම පියළි ගල් ගැසෙනා
ඇහි පිල්ලම් යට සිනාසෙමු //


ගායනය - සිලානි තුමාරා පීරිස්
තනුව - ඉන්ද්‍රචාප ලියනගේ
පද - සමනලී ෆොන්සේකා




වීඩියෝව ගත්තෙ මෙතනින් - Silani Peiris

Monday, August 19, 2019

මගෙ සිත සිහින විමන් - ෂෙල්ටන් මුතුනමගේ | Mage sitha sihina wiman - Shelton Muthunamage - sinhala lyrics






මගෙ සිත සිහින විමන් අතරේ තනි වෙලා
ඔබ මගෙ අසල හිඳී කුමරියෙ සැරසිලා
මා හැර නොයනු මැනවි
පියවි ලොවට සොඳුරු රැයේ
මගෙ සිත සිහින විමන් අතරේ තනි වෙලා
ඔබ මගෙ අසල හිඳී කුමරියෙ සැරසිලා

කඳුලක් දෑසේ තනිවෙන්න නොදෙනු කිසිදා
මා වෙත රහසේ ගෙන එන්න සුවඳ සැමදා //
තනි වීලා දුර නොයන්න පාළු රැයක සිත රිදවා

මගෙ සිත සිහින විමන් අතරේ තනි වෙලා
ඔබ මගෙ අසල හිඳී කුමරියෙ සැරසිලා
මා හැර නොයනු මැනවි
පියවි ලොවට සොඳුරු රැයේ

Sunday, August 18, 2019

බුදු පුතේ වෙසක් සඳ වාගෙයි - චන්දන ලියනාරච්චි | Budu puthe wesak sanda wagei - Chandana Liyanarachchi - sinhala lyrics


බුදු පුතේ වෙසක් සඳ වාගෙයි
අපෙ බුදු ගෙයි පහන
මගෙ හිතේ කඳුළු දියවෙනවා
රහසින් හැමදාම
ඔබ වැරදි කලත් සමාව දෙන
වෙසක් පෝය දාට
සිල් ගන්නෙ නුඹෙ පියත් වැලිකඩ
හිරගෙයි දොර ගාව


අවවාද කරනවා අකුරටත් යවනවා
රජ කරවන්නට පුතාව මහ පොළොවෙ හැපෙනවා
නුඹ වැරදි කරනවා මං සමාව දෙනවා
රත්තරන් පුතේ තාත්තා හැමදාම හඬනවා

බුදු පුතේ වෙසක් සඳ වාගෙයි
අපෙ බුදු ගෙයි පහන
මගෙ හිතේ කඳුළු දියවෙනවා
රහසින් හැමදාම
ඔබ වැරදි කලත් සමාව

Saturday, August 17, 2019

සුදු ⁣සේල අගින් - විල්බට් ඇන්තනි | Sudu sela agin wesu neela nuwan - Wilbert Anthony - sinhala lyrics






සුදු ⁣සේල අගින් වැසු නීල නුවන්
විහිදා මා දෙස බලනු ඉතින්
ඔබ මට හිමි වන දවස ඇවිත් //
සුදු ⁣සේල අගින් වැසු නීල නුවන්


හෙලු සුසුම් සොවින් තෙමු කඳුළු ලවන්
සේල අගින් ගෙන පිසනු සෙමින් //
ඔබ මා එක්වී සදා පෙමින්

සුදු ⁣සේල අගින් වැසු නීල නුවන්
විහිදා මා දෙස බලනු ඉතින්
ඔබ මට හිමි වන දවස ඇවිත්
සුදු ⁣සේල අගින් වැසු නීල නුවන්


සිත වෙලා දුකින් ලොව කියූ වදන්
යලි අප රිදවනු නොහැක ඉතින් //
මතු යලි

Friday, August 16, 2019

ඔබට සිත ආදරේ කරයි - දයාරත්න පෙරේරා | Obata sitha adare karai - Dayarathna Perera - sinhala lyrics



ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොළු වී සිටී
නැගුන සෙනෙහේ කියනු බැරි වී
මගේ සිත වේදනා විඳී
ඔබට සිත ආදරේ කරයි //

ලවන් හසකැන් නුවන් කැල්මන්
හොඳින් හඳුනන්නෙ ආදරේ
නුවන් රැහැනින් බැඳෙන්නට පින්
නොමැති දෝ මා කෙරේ
මගේ විජිතේ සිනා නොමැතේ
විඩාපත් වේද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවණේ
නවාතැන් වේ ද මා වෙතේ

ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොළු වී සිටී
නැගුන සෙනෙහේ කියනු බැරි වී
මගේ සිත වේදනා විඳී
ඔබට සිත ආදරේ කරයි


ඔබේ පෙම්

Thursday, August 15, 2019

සිනා සිසී එයි - සෝමතිලක ජයමහ | Sina sisi ei wasanthayak yali - Somathilaka Jayamaha - sinhala lyrics



සිනා සිසී එයි වසන්තයක් යළි
හද දිනු ප්‍රේමයෙ මල් පුබුදන්නට
පොත් මිටියක් ගෙන ඈ දිව එනවා
පාළු මාවතේ මා හමුවන්නට

ගයා අඩක් දුර නැවතුව ගීතය
හදට තුරුළු වී යළිත් ගයන්නට
කුරුළු තුඩක සංගීත මැවී එයි
කුරුළු තුඩක සංගීත මැවී එයි
අසළ ගසක පිපි මල් රොන් පිසගෙන

සිනා සිසී එයි වසන්තයක් යළි
හද දිනු ප්‍රේමයෙ මල් පුබුදන්නට
පොත් මිටියක් ගෙන ඈ දිව එනවා
පාළු මාවතේ මා හමුවන්නට

බලාපොරොත්තුව හද දැල්වෙනවා
ජීවිතයේ ජීවනය

Wednesday, August 14, 2019

මා හා සෙනෙහස පාලා - මිල්ටන් මල්ලවආරච්චි | Ma ha senehasa pala - Milton Mallawarachchi - sinhala lyrics






මා හා සෙනෙහස පාලා
ඇය මා හා සිත බැඳුනා
සැසනසීමක් සිතට දැනීලා
පිරුණා සේ මට දැණුනා //

ආවා සොයාලා ඔබේ ආදරේ
නෑ මා තැවෙන්නේ සොයාලා සෙනේ
සිහිනෙන් රැයේ දුටුවා ප්‍රියේ
සිහිනෙන් රැයේ දුටුවා ප්‍රියේ
දෙදෙනා බැඳි ආදරේ

මා හා සෙනෙහස පාලා
ඇය මා හා සිත බැඳුනා
සැසනසීමක් සිතට දැනීලා
පිරුණා සේ මට දැණුනා

ඔබටයි කියාලා ගීයක් ලියා
එය මා ගයන්නම් දිනයක් සොයා
පැතුමන් සිතේ ඉතිරී යතේ
පැතුමන් සිතේ ඉතිරී යතේ
දෙදෙනා

Tuesday, August 13, 2019

නිලුපුල් යුවළේ - මර්වින් පෙරේරා | Nilupul yuwale - Mervin Perera - sinhala lyrics







නිලුපුල් යුවළේ රතු තොල් සඟළේ
තැවරූ සෙනේ මුසු වී ඇදී
මා සිරුරේ වෙළේ
මා සිරුරේ වෙළේ

ගලන ගඟේ මඟ අහුරා
වැට කොටු බඳිනු නොහේ
සුළඟ වැදී මෙර නොසැලේ
නොහඬයි මලවි කුලේ
පෙම් සුවඳ කිසි දා මැකී නොයේ
පාවී යාවී සුසුම්

නිලුපුල් යුවළේ රතු තොල් සඟළේ
තැවරූ සෙනේ මුසු වී ඇදී
මා සිරුරේ වෙළේ
මා සිරුරේ වෙළේ

දවස පුරා ගුවනෙ සරා
බැසයයි ඇදිලි කරා
සියැස පුරා නිදි නොලබා
ඔබ ළඟ රැඳෙමි ළඳේ
පෙම් සුවඳ කිසි දා මැකී නොයේ

Monday, August 12, 2019

මේ හීනයේ - කසුන් කල්හාර | Me heenaye - Kasun Kalhara - sinhala lyrics







සිහින නිම්තෙරේ
නෙත් පුරා හැඟුම් පිරේ
සිහින නිම්තෙරේ
නෙත් පුරා නුරා හැඟුම් පිරේ
සුරංගනා නගරයේ
නිම් නැති මාවතේ

අතරමං වෙලා මේ හීනයේ
අතරමං වෙලා නුහුරු නිම්නයේ
මේ හීනයේ අතරමං වෙලා

නෙක පැහැ හැන්දෑවක නැවතීලා
පියවිය නෙතු අද්දර
මත් වූ නෙත් සරයක් දැවටිලා
සීතල සිතුවිල්ලක
හැඟුමන් ඇහැරීලා
ප්‍රේමණීය රිද්මයේ

නාඳුනනා සිනා ආරාධනා ගෙනා
නාඳුනනා සිනා ආරාධනා ගෙනා
මේ හීනයේ අතරමං වෙලා

අතරමං වෙලා මේ හීනයේ

Sunday, August 11, 2019

පාවෙන වළා අතර - චරිතා ප්‍රියදර්ශනී පීරිස් | Pawena wala athara - Charitha Priyadarshani Peiris - sinhala lyrics





පාවෙන වළා අතර
ඔබ සැඟවී ඔබ හිනැහී
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුනා පමණයි
ඔබ සිනාසුනා පමණයි

රමණීයයි මේ මධුර ජවනිකා
වනපෙත එකලු කරයි
කුරුළු ගීතිකා //
ඇල දොළ ගලා බසීවී
වනමල් රේණු නෙළාලා

පාවෙන වළා අතර
ඔබ සැඟවී ඔබ හිනැහී
සෙනෙහස කිමැයි කියා
ඔබ දවසක් තරුවක ලිව්වා
මම වරුවක් ඒ ගැන ඇහුවා
ඔබ සිනාසුනා පමණයි
ඔබ සිනාසුනා පමණයි

ඔබ ප්‍රභාතයේ ගීයක් වේ නම්
ලාහිරු ගලන

Saturday, August 10, 2019

මට එපා ඔබේ හසරැලි බිඳක් - ෂර්ලි වෛජයන්ත | Mata epa obe hasareli - Shirly Waijayantha - sinhala lyrics






මට එපා ඔබේ හසරැලි බිඳක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ දෙනුවන් කැළුම්
හද වේදනා දෙනවා //

සිහින ලොවේ මා අද තනි වෙනවා
සිතිවිලි සයුරු තෙරේ //
නුඹට කාරි නැත මගේ දුකට මම
ගී පද වැල් ලීවේ //

මට එපා ඔබේ හසරැලි බිඳක්
හද වේදනා දෙනවා
මට එපා ඔබේ දෙනුවන් කැළුම්
හද වේදනා දෙනවා

මතු දිනයකදී මාගෙන් සමුගෙන
ඔබ ඉවතට යනවා //
අපේ මතකයේ බිඳුවක් ඔබ හට
තිබුණොත් සෑහෙනවා //

මට එපා ඔබේ හසරැලි බිඳක්
හද වේදනා දෙනවා
මට එපා

Friday, August 9, 2019

රතු රෝ‌ස පො‌කුරින් - ඩබ්ලිව්. ඩී. අමරදේව | Rathu rosa pokurin - WD Amaradewa - sinhala lyrics






රතු රෝ‌ස පො‌කුරින් වෑහුණා
පිණි බිඳක් වෑහුණා
මා දෑස රිදවන මිලින පෙම්
කඳුළු සේ //

මීදුම් මදහස මතකින් මතුවී
පාවී අවුදින් කඳු නිම්නේ
රෝ‌ස පියල්ලේ ඔබේ සිනිඳු රැව
සිතුවම් කරවා සමු ගත්තේ

රතු රෝ‌ස පො‌කුරින් වෑහුණා
පිණි බිඳක් වෑහුණා
මා දෑස රිදවන මිලින පෙම්
කඳුළු සේ

ඔබගෙ සියුමැළි දෝ‌තින් ඉන්දූ
රෝ‌ස ගසේ මල් පිපුණු උදේ
රෝ‌ස මලක් ළඟ කඳුළු බිඳක් වී
මා තනි වූවා නො‌වෙද ළඳේ

රතු රෝ‌ස පො‌කුරින් වෑහුණා
පිණි

Thursday, August 8, 2019

ඔබ දැකලා - යුකී නවරත්න | Oba dekala - Yuki Navaratne - sinhala lyrics






ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා
හමනා සුළඟෙත් ඔබ දැනුනා
අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා
මම තැවුනා මතකෙට හිරවෙලා
තරු නොනිදා හිත හැදුවා
මට නොදැනිම කාලය ගතවෙලා

ඔබ දැකලා මගෙ මායම් හිත පාටින් පිරුණා
හමනා සුළඟෙත් ඔබ දැනුනා
අපි තෙමුනා ඒ මල් වැස්සට දෑතින් අල්ලා
මම තැවුනා මතකෙට හිරවෙලා


තනියට මට මමවත් නැති
දුරකට මම ඇවිදලා ඇති
හඳ යට මං මත්වුනා
අපි අපි ගැන නොහිතපු හැටි
යටි හිත නුඹෙ දන්නවා

Wednesday, August 7, 2019

සක්දෙවි වැනුම - වායෝ, රවි ජේ | Suck devi vanuma - Wayo, Ravi Jay - sinhala lyrics







පවට බර ලොව දැකලා
පඩුපුලට සංකා
නොමැත සක් දෙයියා
අහෝ අද කවුරු අඳිනුද හාවා
රුදුරු දන බෝමා
නොමැත සක් දෙයියා
අහෝ අද ඉඳින් සඳෙහිම හාවා

බොහෝ සතුන් ඇත බෝ සතුන් නැත
පිරිහිලා ලොව පිරිහීලා
වන විහඟ ලොව රජ පදවි ලැබ
ඉගිලෙනා බකමූණූ රජා
සක් දෙවිඳු නැත
සිත්තමට ගෙන අඳිනු බෑ අද සඳ සාවා
දුනු දිය අදින රුදුරු නර කැළ
වඩිනු එපා අද වඩිනු එපා

තහනමේම මල් ගෙන
ආවා හඳ වෙත
සකි ඇන්ද හාවා හමුවෙන්න
හඳ

Tuesday, August 6, 2019

ඉතිහාසයක් - තිළිණ බාලසූරිය | Ithihasayak - Thilina Blyz - sinhala lyrics






තත්පරෙන් තත්පරේ
ස්වයංවර සීයක් දෙසීයක්
සිහියෙන් සිහින දුන්
එක දෙව්දුවක් නිල් ඇස් දෙකක්
ආදරේ අතර තුර
අනාදර පෙම් අනතුරක් ප්‍රේමයක්
කියන්නෙම කඳුලු ගැන ඉතිහාසයක්

තෙත් සිඳුනු ඇස් දෙකක්
කලාතුරකින් හෙලා
තවත් කඳුලක් දෙකක්
ඇස් දෙකක් කියන්නේ කතාවක්
කොච්චරක් මතක මැරුණමද
ඉතිරිවන්නේ ප්‍රේමයක් යැයි යමක්

සමරුම් මතක මතකයන්
කෝටියක් තව ටිකක්
හදවතක් කියන්නේ
ඇස් දෙකට උල්පතක්
ඇසින් ඇස අහන්නේ
සතුටු

Monday, August 5, 2019

සඳ තරු නිහඬයි - ඩබ්. ඩී. අමරදේව | Sanda tharu nihandai - WD Amaradewa - sinhala lyrics






සඳ තරු නිහඬයි
ගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

පියා නුවන් යුග නිවා හැඟුම් සිත
සැතපෙන්නට වෙර දරන පැයේ
පාලුව ත‍නිකම කුටියට අවුදින්
හදවත අවදි කලා

සඳ තරු නිහඬයි
ගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක් අවදි වෙලා

මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සඳ
සිහිනයකින් මෙන් ගලා රැයේ
සෙනෙහස හඬවා මතකය ඉකි බිඳ
හදවත අවදි කලා

සඳ තරු නිහඬයි
ගහකොල නිසලයි
මුලු ලොව සැතපෙයි
සිතිවිලි විතරක්

Sunday, August 4, 2019

අපි රාග වයනවා (මිනිස්සුනේ) - ක්ලැරන්ස් විජේවර්ධන, භද්‍රජී මහින්ද ජයතිලක | Api raga wayanawa - Clarance, Bhadrajee - sinhala lyrics






අපි රාග වයනවා
අපි බයිලා නටනවා
හිතුනොත් පෝය දාට සිලුත් ගන්නවා
දනුත් බෙදනවා
මස් මාලුත් කනවා
බණත් අහනවා
හිතුනොත් බොරුත් කියනවා //

මිනිස්සුනේ අපි මිනිස්සුනේ

දෙව් විමන් වලින් බැහැලා
සිව් දිගන්තයේ නෙත ලා
අපි ආවේ නැහැනේ //


අපි සණ්ඩු කරනවා
සාමය සොයා දුවනවා
වරදක් තේරුණාම හිසත් නවනවා
අපි දුකත් විඳිනවා
සමහරු සැපත් විඳිනවා
ඉරිසියාව ක්‍රෝධය දෙක අපි හඳුනනවා

මිනිස්සුනේ අපි මිනිස්සුනේ

දෙව් විමන් වලින්

Saturday, August 3, 2019

නිරුවත - අර්ජුමාන් | Be naked - Niruwatha - ARJUMANN







මා හා කතා කරනවානං
උඹ ඇඳුම් ගලවන් වරෙන් මුලින්
උඹ මහ සෝබන ඇඳුම් ඇඳගෙන නම්
මට ලැජ්ජයි මමත් ඇඳින්නං ඇඳුම්

මං ආස නුඹේ නිරුවතටනේ
ඇඳුම් ගලවලා හිනැහෙමු ඔහේ
ඔය ඇඳුමට උඹ හරිම කැතයි

උඹෙ හම කළුද සුදුද කියා
මම ඇහුවෙත් නැහැ ඕනෙත් නැහැ
ඒ පාටක් නැති නිරුවත හොයා
අපි ඔක්කොම ඉතින් ඇඳුම් ගලවමු

අපි මහගත්ත ඒ ඇඳුමටම දැන්
අපෙ ලස්සන ඔහේ මැකිලම ගිහින්
ඔය ඇඳුමට උඹ හරිම කැතයි

උඹ මට ආදරෙයි කියනවානම්
මගෙ ඇඳුම් ගලවල

Friday, August 2, 2019

මුදු දඟකාර - අමිල සඳරුවන් | Mudu dangakara kelleku se - Amila Sandaruwan - sinhala lyrics






මුදු දඟකාර කෙල්ලකු සේ
ජීවන වරුසාවේ
ඔබට දැනෙන්නට ඇති
මුදු සීත ඇතිරිල්ලක් සේ
ජීවන සුළඟ මේ
ඔබට පාවෙන්නට හැකි

ඇතුලාන්තයෙන් ඔබව අමතයි නම්
ඇතුලාන්තයෙන් ඔබව අමතයි නම්
ඇයි ඔබව මගහැර යන්නේ
ඇයි ඔබව මගහැර යන්නේ

දැනගත් සියළු දේ අමතක කර දමා
දැනගත් සියළු දේ අමතක කර දමා
මා හා ඔබට දොඩමලු වෙන්න හැකිනම්
මුදු දඟකාර කෙල්ලකු සේ
මුදු දඟකාර කෙල්ලකු සේ


ගායනය - අමිල සඳරුවන්
සංගීතය - අමිල සඳරුවන්
ගී පද - අමිල

Thursday, August 1, 2019

තරු මුතු දිලිසෙන - කීර්ති පැස්කුවල් | Tharu muthu dilisena - Keethi Pasquel - sinhala lyrics






තරු මුතු දිලිසෙන අහසේ පායන
සඳවතියක් හිනැහෙන්නේ
විල් දිය සරසන නෙළුමක් වාගේ
මගෙ හදවත පිබිදෙන්නේ //

වැහි පොද ඉල්ලන ඝන බොල් පොළොවට
දේදුන්නක් හිත දෙන්නේ
නිල්ල නිලන ජීවිතයක සතුටයි
මේ සිත ඔබෙන් පතන්නේ

තරු මුතු දිලිසෙන අහසේ පායන
සඳවතියක් හිනැහෙන්නේ
විල් දිය සරසන නෙළුමක් වාගේ
මගෙ හදවත පිබිදෙන්නේ

වසන්තයේ මල් නොපිපුණු උයනක
මල් කැකුළක් පිබිදෙන්නේ
හේමන්තය හැඩ කරන කුමරියේ
හෙට දින පැලට වඩින්නේ