Thursday, March 22, 2018

රතු මල් ඔසරිය - තිලකසිරි රත්නායක | Rathu mal osariya - Thilakasiri Rathnayaka - sinhala lyrics





රතු මල් ඔසරිය නැතුවට ගෙයි ඔබ
කේන්ති ඇයි ඔතරම්
ඒ මල් ඔසරිය පොඩි දුව රහසින්
ඇඳගෙන හරි මනරම් //

මල් පොකුරක් පොඩි දෑතින් අරගෙන
දුටුවද ඈ අර හිනැහෙන ලස්සන
සෙල්ලම් ගෙයි මනමාලි වගේ
හිතෙනව හරි ආදරයක් දැක්කම
සෙල්ලම් ගෙයි මනමාලි අගේ

රතු මල් ඔසරිය නැතුවට ගෙයි ඔබ
කේන්ති ඇයි ඔතරම්
ඒ මල් ඔසරිය පොඩි දුව රහසින්
ඇඳගෙන හරි මනරම්

මතු යම් දිනයක දුව තරුණියකව
තරුණෙකු සමගින් සරණව යන දින
ඇගෙ හැඩ රුව මා සිතට නැගේ

No comments:

Post a Comment