Thursday, March 22, 2018

රතු මල් ඔසරිය - තිලකසිරි රත්නායක | Rathu mal osariya - Thilakasiri Rathnayaka - sinhala lyrics





රතු මල් ඔසරිය නැතුවට ගෙයි ඔබ
කේන්ති ඇයි ඔතරම්
ඒ මල් ඔසරිය පොඩි දුව රහසින්
ඇඳගෙන හරි මනරම් //

මල් පොකුරක් පොඩි දෑතින් අරගෙන
දුටුවද ඈ අර හිනැහෙන ලස්සන
සෙල්ලම් ගෙයි මනමාලි වගේ
හිතෙනව හරි ආදරයක් දැක්කම
සෙල්ලම් ගෙයි මනමාලි අගේ

රතු මල් ඔසරිය නැතුවට ගෙයි ඔබ
කේන්ති ඇයි ඔතරම්
ඒ මල් ඔසරිය පොඩි දුව රහසින්
ඇඳගෙන හරි මනරම්

මතු යම් දිනයක දුව තරුණියකව
තරුණෙකු සමගින් සරණව යන දින
ඇගෙ හැඩ රුව මා සිතට නැගේ

Monday, March 19, 2018

කෙලෙසක කීවත් - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි | Kelesaka keewath - Chandrasena Hettiarachchi - sinhala lyrics


කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

යාදිනියක සේ මා ලඟ දැවටී
සෙනෙහස පැතු එදිනේ
ඔබ හට මෙලෙසේ අමතක මොහොතේ
මට අමතකව නැතේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

කෙලෙසක කීවත් ඔබ ගැන මතකය
අමතක කරනු කියා
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ
ඔබ ඒ කීව ලෙසේ අමතක කරමි කෙසේ

අසන හැම මුවින් ලොවම මා වෙතින්
ඔබ විමසන දවසේ
බැඳි පෙම සඟවා ඉන්නද ඉවසා
මා ගොලු බිහිරෙකු සේ

Tuesday, March 13, 2018

මුතු කඳුලයි සිනා පොදයි - චන්දන ලියනාරච්චි | Muthu kandulai sina podai - Chandana Liyanarachchi - sinhala lyrics

මුතු කඳුලයි සිනා පොදයි
එක්තැන් වන දිනක
ප්‍රේම ගඟේ පහන් ටැඹක්
දැල්වේවා නිබඳ

සිතුම් පැතුම් ගොළු වී ගිය
මහ උළු ගෙයි කොනක
අකුරු කලා හිතේ ගින්න
ප්‍රේමියෙ නුඹෙ නමට
අකුරු කලා හිතේ ගින්න
ප්‍රේමියෙ නුඹෙ නමට

සඳුළුතලේ අපූරුවට
මා දුටු රුව කොහෙදෝ
මැදුරේ යහනකට වෙලා
කඳුළු බිබී ඇතිදෝ

සිපිරි ගෙදර දොර සිදුරෙන්
ලොව බලන්න බැරිදෝ
සඳ දැක්කම මතක් වෙන්නෙ‍
ඔයයි පුංචි මැණිකෝ


කළ වරදක් හිතේ නැතත්
හිස නමන්න හිතුණා

Saturday, March 10, 2018

දිගු නෙත් හසරැල්ලේ - දයාරත්න පෙරේරා | Digu neth hasarelle - Dayarathna Perera - sinhala lyrics




දිගු නෙත් හසරැල්ලේ මා සැනසුන දවසේ
මේ නෙතු නවතා මගේ හිත අමතා
හිරු හිනැහුන උදයේදී ආදරයද මට කීවේ

උදේ හවා කල ගෙවන තුරාවෙදි පටු මාවත් අතරේ
තුරුලිය හෙවනේ සිහිලස ලබමින් ගතකල සොඳුරු පැයේ
මල් හිනැහුන උයනේදී ආදරයද මට කීවේ

දිගු නෙත් හසරැල්ලේ හිත රිදවුන දවසේ
උණුසුම් සුසුමින් නෙතු බොඳවෙද්දි
සැඩ හිරු නැගි මද්දහනේ ආදරයද මට කීවේ

දෙදෙනා ආ මග අද මා තනිවම ඔබ නෑ මගේ හෙවණේ
වෛර කරන්නෑ මං කවදාවත් සැනසෙනු ඔහු