Thursday, October 3, 2019

ඔබ හඬන්න ඇති රෑ පුරාම - එඩ්වඩ් ජයකොඩි | Oba handanna ethi re purama - Edward Jayakodi - sinhala lyrics





ඔබ හඬන්න ඇති රෑ පුරාම
හිත ආල හැඟුම් බොඳ වුණාම
කාටත් නොකියා
ඒ කඳුළු බිංදු ගලා ගිහින්
රෝස මලක පෙති පුරාම
නොනිඳා හිටියා

රළු බොරළු මගක ඇවිදින්
ඇස රිදුම් දෙමින් හැඬවූ
අතීතය මගෙයි
ඔබ අඬන අඬන වාරේ
නෙතු අගින් මිදී වැගිරෙන
කඳුළු උණුසුමයි

මේ අහස පුරා රැඳුණේ
පිණි බිංදු වෙලා වැටුණේ
ඔබේ කඳුළුමයි
ඒ කඳුළු අරන් විසිරෙන
රෑ සුළඟ ඇවිත් සීතල
මගෙ හිත පාරයි

ඔබ හඬන්න ඇති රෑ පුරාම
හිත ආල හැඟුම් බොඳ වුණාම

No comments:

Post a Comment