Wednesday, October 9, 2019

නොමග නොයන් පුතේ - විල්බට් ඇන්තනි | Nomaga noyan puthe obata ratak athe - Wilbert Anthony - sinhala lyrics





නොමග නොයන් පුතේ
ඔබට රටක් ඇතේ //
රටේ දියුණ සැදුම නුඹට
බාරයි මගෙ පුතේ
බාරයි මගෙ පුතේ //
නොමග නොයන් පුතේ
ඔබට රටක් ඇතේ //

අද කැඩු දේ හෙට ඕනෑ
විය හැකි වන නිසා
රටට උරුම කිසිම දෙයක්
බිම නොදමන් නසා
බිම නොදමන් නසා //

තරුණ සවිය රට නැඟුමට
යොදනු සොඳින් සිතා
ඔබේ උපන් බිම කවදත්
ඔබටයි මගෙ පුතා
ඔබටයි මගෙ පුතා //

නොමග නොයන් පුතේ
ඔබට රටක් ඇතේ //
රටේ දියුණ සැදුම නුඹට
බාරයි මගෙ පුතේ
බාරයි මගෙ පුතේ //

යෝධ

Tuesday, October 8, 2019

සීගිරි සුකුමාලියේ - සී.ටී. ප්‍රනාන්දු | Seegiri sukumaliye - CT Fernando - sinhala lyrics





සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ
ඔබගෙනි සොඳුරේ


අතකින් මල් දරාලා හසරැලි පාලා
සුසිනිඳු සළු ඔතාලා විලවුන් ගාලා
ගෝමර පෙති විදාලා දිස්නය දීලා
ආදරයෙන් උන් කාලෙ මේ දෑසෙ
සිතුවම් වීලා

සීගිරි සුකුමාලියේ හෙළ රජ සමයේ
මතකද අපි පාවුණා පෙම් අම නදියේ
ලස්සන ඔබෙ රූපයේ නෙත සිත බැඳුණේ
නාමය ශ්‍රී ලංකාවෙ රැව් දෙන්නේ
ඔබගෙනි

Sunday, October 6, 2019

දෙවොලේ නොකැළැල් - සුනිල් එදිරිසිංහ | Dewole nokalel pidu adara mal - Sunil Edirisinghe - sinhala lyrics





දෙවොලේ නොකැළැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැමකල් //


මලකින් මලකට ඇදෙමින් නොඉඳුල්
නිගා දෙවයි පෙම් ලොවටම මිහිලුන්
එක මලෙකින් පමණක් රොන් ගන්නම්
අන් මල් මත නොතබා උණු කඳුළැල්

දෙවොලේ නොකැළැල් පිදු ආදර මල්
සුවඳින් මනකල් පිබිදෙමි හැමකල්


පවසට ඵල නැත සයුරේ රළ වැල්
දිය දෝතක් ගමි දොලකින් සිහිලැල්
පීඩිත වී සිටිනා සඳ අඳුරේ
ඔබ පමණයි ගෙන ආවේ හසරැල්

දෙවොලේ නොකැළැල් පිදු ආදර මල්
සුවඳින් මනකල්

Saturday, October 5, 2019

නවාතැන්පොළ ඔබයි - නන්දා මාලිනී | Nawathenpola obai - Nanda Malini - sinhala lyrics






නවාතැන්පොළ ඔබයි
ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
ජීවිතේ දිගු වන්දනා ගමනේ

ආලයේ වන බිඟුන් බමනා
ස්නේහයේ ජල තරඟ බිඳෙනා
නිල්ල දිලෙනා නිම්නයේ
ගරා ‍නොවැටෙන නවාතැන ඔබ

නවාතැන්පොළ ඔබයි
ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
ජීවිතේ දිගු වන්දනා ගමනේ

දයාවේ සඳ සිසිල ලබනා
සාමයේ මඳ පවන රඳනා
හිම මිදෙන මිටියාවතේ
සදා උණුසුම් නවාතැන ඔබ

නවාතැන්පොළ ඔබයි
ඔබගේ සිනාවයි
ජීවිතේ දිගු වන්දනා ගමනේ
ජීවිතේ දිගු

Friday, October 4, 2019

දූ පුතුනේ රට අපේය - ශාලිත අබේවික්‍රම | Du puthune rata apeya - Shalitha Abeywickrama - sinhala lyrics






දූ පුතුනේ රට අපේය දූ පුතුනේ අප රටේය //

මල් කැන් සුවඳ දේ ගල් කණුවල පිපුණු
ලේ දහදිය නටයි රණ දෙරණේ හැලුණු
ජාතිය නගන රිසියෙන් හද ඔද වැදුණු
එනු එදිරියට පුත පැරකුම් දුටු ගැමුණු

දූ පුතුනේ රට අපේය දූ පුතුනේ අප රටේය //

සමොනල ගිරග ඉර සඳ සැතපෙන තුරුම
රට වට මුහුද නිසලව නිදියන තුරුම
පුලතිසි පිළිමයට යළි පන එන තුරුම
මේ සිරි ලක් මඬල පුත අපිටයි උරුම

දූ පුතුනේ රට අපේය දූ පුතුනේ අප රටේය /////


ගායනය -

Thursday, October 3, 2019

ඔබ හඬන්න ඇති රෑ පුරාම - එඩ්වඩ් ජයකොඩි | Oba handanna ethi re purama - Edward Jayakodi - sinhala lyrics





ඔබ හඬන්න ඇති රෑ පුරාම
හිත ආල හැඟුම් බොඳ වුණාම
කාටත් නොකියා
ඒ කඳුළු බිංදු ගලා ගිහින්
රෝස මලක පෙති පුරාම
නොනිඳා හිටියා

රළු බොරළු මගක ඇවිදින්
ඇස රිදුම් දෙමින් හැඬවූ
අතීතය මගෙයි
ඔබ අඬන අඬන වාරේ
නෙතු අගින් මිදී වැගිරෙන
කඳුළු උණුසුමයි

මේ අහස පුරා රැඳුණේ
පිණි බිංදු වෙලා වැටුණේ
ඔබේ කඳුළුමයි
ඒ කඳුළු අරන් විසිරෙන
රෑ සුළඟ ඇවිත් සීතල
මගෙ හිත පාරයි

ඔබ හඬන්න ඇති රෑ පුරාම
හිත ආල හැඟුම් බොඳ වුණාම

Wednesday, October 2, 2019

සෙනෙහස රන් සිංහාසන - ත්‍යාගා එන්. එඩ්වඩ් | Senehasa ran sinhasana - Thyaga N Edward - sinhala lyrics





සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා
මතු සක්විති රජෙක් මගේ උකුලෙ නිදනවා
මගේ උකුලෙ නිදනවා //

සුවඳ හැමූ යහන් ගැබේ සෙමෙර සලනවා
වෙසක් මහේ මලක් වගේ කුමරු නිදනවා
කිඹුල්වතින් එන පවනේ සුවය දැනෙනවා
පිනැති පුතුන් උපන් රටට ඉසුරු පිරෙනවා

සෙනෙහස රන් සිංහාසන හදේ මැවෙනවා
මතු සක්විති රජෙක් මගේ උකුලෙ නිදනවා
මගේ උකුලෙ නිදනවා

මධු ගංගා දෙතොල් අතර හැපී බිඳෙන්නේ
රුවන් පුළුන් වළා විමන් මත දැවටෙන්නේ
පොකුරු පොකුරු මල්

Tuesday, October 1, 2019

මේ බස් නැවතුම - පුන්සිරි සොයිසා | Me bus newathuma - Punsiri Soyza - sinhala lyrics





මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුනු හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ //


ඉස්සර හවසට ඔබ එනතුරු මම
මෙතනම සිටියා දෙනෙත අයා
එකම රියක නැග එකම අසුනෙ හිඳ
ගිය හැටි මතකයි තවම එදා

මේ බස් නැවතුම පෙර හැම දිනකම
අප හමුවුනු හැටි දැන උන්නේ
මා තනිවුණ බව ඔබ සමුගෙන බව
බස් නැවතුම තව නෑ දන්නේ


ප්‍රේමය නිමවුන මා අද තනිවම
රියකට මෙතනින් ගොඩවෙනවා
ඒ රියෙහිම ඔබ තව කෙනෙකුන් ළඟ
එකම