Monday, June 24, 2019

මන බන්දන මුහුණ නුරා - ලක්ෂ්මන් හිල්මි | Mana bandala muhuna nura - Lakshman Hilmi - sinhala lyrics


මන බන්දන මුහුණ නුරා
කැල්මෙන් මත් වුණා
පාද කිකිණි හඬ ලන සංගීතේ
මුතුහර ගෙල පැද්දේ
ගී ගයන විලාසේ
නෙතු අග බැල්ම නුරා
මන බැඳ මටද හොරා
මන බන්දනා


කෙහෙ රැල්ලේ නැලවිල්ලේ ඔය නළලේ
ලෙලෙමින් නැටු තාලේ
පුළුලුකුලේ මිණි මෙවුලේ කැළඹිල්ලේ
සියොළඟ ඔකඳ කළේ

තනි යහනේ උන්නාම නිදි දෙව් දූ නාවාම
ඔය රූ ඇඳගන්නේ මා හදේ //

මන බන්දන මුහුණ නුරා
කැල්මෙන් මත් වුණා
පාද කිකිණි හඬ ලන සංගීතේ
මුතුහර ගෙල පැද්දේ
ගී ගයන විලාසේ

No comments:

Post a Comment