Sunday, February 17, 2019

අමුඩේ නොහොත් වස් ගීය - සමන් ලෙනින් | Ambude - Saman Lenin - sinhala lyrics


දුන්නු තේ එකට - සීනි වෙනුවට
කලපු ලුණු හැන්දක්ම වැටියාං..//
ආයුබෝවන් කියන මොහොතේ..
බුලත් හෙප්පුව බිම පෙරලියං..

කොයි තරම් ලස්සන උනත් මට
ඌට මහ වස කැතට පෙනියං..
-කොයි තරම් ලස්සන උනත් -
-ඌට මහ වස කැතට පෙනියං..

පරපුරේ පම්පෝරි දොඩවන
අම්මගේ කට වචන ගිලියං..
කැස්ස හැදිලා ආත්තම්මට
වාත පිත තරඟයට කිපියං..

අයියා පණ්ඩිතයා - වෙලාවට
නොයෙන්නට වාහනේ කැඩියං..
නොකල හින්දා වැරැද්දක් මට
තාත්තට වෙන වැඩක් වැටියං...

No comments:

Post a Comment