දෛවයේ ලියවී තිබූ..
සෑම දේ ලැබුනත් පැතූ..
මොහොතක් ඔබගෙ සෙනෙහේ..
ලබන්නට පින් මදි වුනූ...
අපට අප හිමි නැතිවුනු..
ලෝකයෙන් පිටවී යමු..
නැවතත් ලබන භවයේ..
පෙම්වතුන් වී හමුවෙමු...
මතු දිනෙක මම පොළොවෙ වැළලෙන තුරු..
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ...//
වාව ගන්න බෑ මේ වේදනා පපුවට මගේ..
හීනයක් වෙලාවත් එන්නෙ නෑ ඔබ පෙර වගේ...
ලේ වලින් කුරුටු ගා දිවුරලා මං කියන්නම්...
අද ලඟින් නැති වුනත් ආදරෙයි තාම මං..
No comments:
Post a Comment