Friday, September 14, 2018

හිතින් යන අය - වික්ටර් රත්නායක, සංඛ දිනෙත් | Hithin Yana Aya - Victor Rathnayake, Sanka Dineth - sinhala lyrics



වසන් වන සඳ වලාකුළකට..
හඬා වැටුනට තාරකාවක්
ආයේ එන්නේ නෑ...
හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...

මවා දී තරු රටා අහසේ..
සිනා සී වුන් තරු කිනිත්තෙන්..
මලානික වූ පුංචි තරුවක්..
පොලෝ තලයට කඩා වැටුනා..
සරා සඳකට දරාගන්නට බෑ..

හිතින් යන - අය අතින් අල්ලා
නවත්තන්නට බෑ...
හිතින් යන අය - අතින් අල්ලා
නවත්තන්නට බෑ...

නිවී යන තරුවක කතාවේ..
බිඳී ගිය මතකයේ

Thursday, September 13, 2018

සුදූ (මතු දිනක) - මිලින්ද සඳරුවන් | Sudu (Mathu Dinaka) - Milinda Sandaruwan - sinhala lyrics


දෛවයේ ලියවී තිබූ..
සෑම දේ ලැබුනත් පැතූ..
මොහොතක් ඔබගෙ සෙනෙහේ..
ලබන්නට පින් මදි වුනූ...

අපට අප හිමි නැතිවුනු..
ලෝකයෙන් පිටවී යමු..
නැවතත් ලබන භවයේ..
පෙම්වතුන් වී හමුවෙමු...

මතු දි‍නෙක මම පොළොවෙ වැළලෙන තුරු..
ඔබෙ දෑත මට අයිති නැතුවැති සුදූ...//

වාව ගන්න බෑ මේ වේදනා පපුවට මගේ..
හීනයක් වෙලාවත් එන්නෙ නෑ ඔබ පෙර වගේ...
ලේ වලින් කුරුටු ගා දිවුරලා මං කියන්නම්...
අද ලඟින් නැති වුනත් ආදරෙයි තාම මං..

Thursday, September 6, 2018

පොළොවෙන් මතුවන මිණි කැට - හර්ෂන දිසානායක | Polowen mathuwana mini keta - Harshana Dissanayake - sinhala lyrics





පොළොවෙන් මතුවන මිණි කැට
මනරම් දිවයින මගෙ රට
ගැතියන් නොව පිට රටකට
බැතියෙන් සුරකිමු සදහට //


ගිරි සිරසෙන් සැදී ඇදී
කළු මහවැලි කැළණි නදී
දසත ගලා දෙරණ සලා
හෙළ බිම සරු කරන ලදී

සීගිරියේ බිතු සිතුවම්
ඉසුරුමුණියෙ ගල් කැටයම්
සිරි ඉතිරේ අනුරපුරේ
යුගයක හෙල විරු විකුමන්


පොළොවෙන් මතුවන මිණි කැට
මනරම් දිවයින මගෙ රට
ගැතියන් නොව පිට රටකට
බැතියෙන් සුරකිමු සදහට


වැවෙන් ජලය කෙතට හලා
ගලෙන් විකුම් පිළිම

Wednesday, September 5, 2018

මහද ප්‍රේමාදරේ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත | Mahada premadare - Prince Udaya Priyantha - sinhala lyrics




මහද ප්‍රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංගා ලෙසේ
සිතුම් වැල් නංවලා මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා //
මහද ප්‍රේමාදරේ

දෛවයේ කෘර සෙවණැල්ල එලවා දමා
ජීවිතේ රන් විමන් සාදවා //
සමසේ බෙදා දුක් වේදනා
භවයෙන් භවේ අපි යමු

මහද ප්‍රේමාදරේ සිහින වැල් යා කෙරේ
ඉතිරේවි ගංගා ලෙසේ
සිතුම් වැල් නංවලා මල් පීදිලා
ඔබෙ පෙම් සුවේ මා සොයා
මහද ප්‍රේමාදරේ

රුදුරු වෙසෙකින් බැඳි ගැහැට දෙන චේතනා
නිබඳ ගෙන දෙයි විරහ

Tuesday, September 4, 2018

ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සු - ලක්ෂ්මන් විජේසේකර | Athi de athi satiyen - Lakshman Wijesekara - sinhala lyrics





ඇති දේ ඇති සැටියෙන් ලොව දකින මිනිස්සූ
ලද දේ සිත සතුටින් විඳ වෙසෙන මිනිස්සූ
පොළවේ මිහි සයනේ ගොඩ නැගූ මිනිස්සූ
කරුමේ කිම වඳ වෙන හිරු සදිසි මිනිස්සූ

පොළවේ බිම අහසේ ඉම බෙදන ලෝකයේ
දහමේ ගුණ පත්ඉරු තුල නිදන යාමයේ
ඉඳ හිටි සපැමිණ සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම වඳවෙන මල් සදිසි මිනිස්සූ

ඉතිරී ගිය ඉසුරින් නෙතු වැසුනු කාලයේ
දිවියේ දුක විඳිනා දන නොදුටු ලෝකයේ
සෙත් කවි සේ ලඟ සිට සිත් සතන් සැනැස්සූ
කරුමේ කිම