ප්‍රාර්ථනා බිඳුණයි වැලපී හැඬුවා
ආදරේ බිඳුණයි ලතැවී හැඬුවා
හිත සසැලී මුළු රෑ හැඬුවා
හිත සසැලී මුළු රෑ හැඬුවා
ගස නෑ කිසිදා වැලපීලා
පිබිදූ සිය මල් පර වූ දා
ඉරණම විසඳනු ඇත මතු දවසේ
විසඳුම ඉරණම විසඳන දවසේ
ප්‍රාර්ථනා බිඳුණයි වැලපී හැඬුවා
ආදරේ බිඳුණයි ලතැවී හැඬුවා
හිත සසැලී මුළු රෑ හැඬුවා
හිත සසැලී මුළු රෑ හැඬුවා
රස දේ විස තැන් නොසිතූ සේ
විස දේ රස තැන් රස වූ සේ
හිරු සඳු හඳුනනු බැරි මිනිසුන්නේ
No comments:
Post a Comment