Friday, May 18, 2018

බමුණා වුණත් - නන්දා මාලිනී | Bamuna Unath - Nanda Malini - sinhala lyrics





බමුණා වුණත් දුඳනෙකු නම් බිම හොවනූ...
සැ‍ඬොලා වුණත් සුදනෙකු නම් පු‍ටුව දෙනූ...
හෙළයා වුණත් ජඩයෙකු නම් පහර දෙනූ...
දෙමළා වුණත් විරුවෙකු නම් ගරු කරනූ...

බුදු හිමි ජේසු හිමි නබි හිමි වැඳපුදනූ...
දෑ ගොත් කුළ නොදු‍ටු උන් බණ පිළිපදිනූ...
වැදි බණ මැදින් මුණි බණ ‍තෝරා අසනූ...
වැදි බණ දෙසන සඟ ගණ වුව පි‍ටුදකිනූ...

සිහසුන ඉන්ට රට දැය පාවා නොදෙනූ...
පාවා දෙන එවුන් මූණට කෙළ ගසනූ...
කසයෙන් තලා හිස

Saturday, May 5, 2018

ප්‍රාර්ථනා බිඳුණයි වැලපී හැඬුවා - ප්‍රියා සූරියසේන | Prarthana bindunai - Priya Sooriyasena - sinhala lyrics

ප්‍රාර්ථනා බිඳුණයි වැලපී හැඬුවා
ආදරේ බිඳුණයි ලතැවී හැඬුවා
හිත සසැලී මුළු රෑ හැඬුවා
හිත සසැලී මුළු රෑ හැඬුවා

ගස නෑ කිසිදා වැලපීලා
පිබිදූ සිය මල් පර වූ දා
ඉරණම විසඳනු ඇත මතු දවසේ
විසඳුම ඉරණම විසඳන දවසේ

ප්‍රාර්ථනා බිඳුණයි වැලපී හැඬුවා
ආදරේ බිඳුණයි ලතැවී හැඬුවා
හිත සසැලී මුළු රෑ හැඬුවා
හිත සසැලී මුළු රෑ හැඬුවා

රස දේ විස තැන් නොසිතූ සේ
විස දේ රස තැන් රස වූ සේ
හිරු සඳු හඳුනනු බැරි මිනිසුන්නේ

Friday, May 4, 2018

මල් මල් හිනා ඔබේ මුවේ - ෂර්ලි වෛජයන්ත | Mal mal hina obe muwe - Shirly Waijayantha - sinhala lyrics


මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී //

තාරුකා සඳ පායලා
එළිය දේ මේ රැයේ
ඔබ මගේ සඳ තාරකාවී
එන්න පායලා //

මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී

පායනා සඳ වාගෙ හිනැහී
එන්න මහදේ වෙලී
ඔබ මගේ මිහිරාවියක වී
ඉන්න සැම කල්හී //

මල් මල් හිනා ඔබේ මුවේ
හද විල මල් සුවඳ සැලේ
ඒ මල් විලේ ඔබේ මගේ
හද පෙම් මල් විකසිත වී