Monday, February 26, 2018

දුර ඈත අතීතයේ - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි | Dura aetha atheethaye - Chandrasena Hettiarachchi - sinhala lyrics


දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග ආයිත් එන්නට
අප පෙම බිඳුණු තැනින්
දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්

බොලඳ සිහිනයකි මා සිත දකිනා
සැබෑ ලොවක ඉටු නොවනු ඇති
ආසයි එනමුදු නැවත දකින්නට
ඒ සිහිනේ සැරි සරමු අපි

දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්

ඔබේ සිත මා සිත දෙලොවක රැඳුණා
නොසිතු නොපැතු ලෙසින් ගැටී
එනමුදු තාමත් සිහින මැවෙනවා
මතකේ හදවත පතුලේ රැඳී

දුර ඈත අතීතයේ ඔබ හා ඇවිද ගොසින්
ආසයි ආ මග ආයිත්

Sunday, February 25, 2018

නීල වර්ණ නීල කොබෙයියෝ - ඉන්ද්‍රාණි බෝගොඩ | Neela warna neela kobeiyo - Indrani Bogoda - sinhala lyrics





නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ
සිත වටකර පියා සලන
සිතට සුවඳ පවන් සලන
නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ

උඩින් ගියත් බිමින් ගියත්
මගේ හිතෙන් ඉගිල නොයන්නේ
අඳුර බිඳෙන සොඳුරු සිහින
කිඳුරු ලොවින් මවෙත ගෙනෙන්නේ

නීල වර්ණ නීල කොබෙයියෝ
මං ආදර නීල වර්ණ නීල කොබෙයියෝ

එරන් මාල එරන් තෝඩු
එරන් වළලු නැතේ පතන්නේ
අමාව සේ නිමා නොවන
සිනා බිඳක් රැගෙන වරෙන්නේ

නීල වර්ණ නීල

Saturday, February 24, 2018

කොයි තරම් - කීර්ති පැස්කුවෙල් | Koi Tharam - Keerthi Pasquel - sinhala lyrics





කොයි තරම් දෙනුවන් අයා
සිටියාද මා පෙරදා
ආදරෙන් ඔබ එයි කියා
කවදාක හෝ සොයලා
ජීවිතේ ලැබුණා වගේ
දුටුවාම මා ඔබගේ දිහා

මා ජීවත් වුණේ
ඔබේ සෙනෙහේ නිසා
එපා දුරින් රැ‍ඳෙන්න කිසිදා
පාළුවක් මට නොදෙන්න
ආදරෙන් මගෙ ළඟ ඉන්න

කොයි තරම් දෙනුවන් අයා
සිටියාද මා පෙරදා
ආදරෙන් ඔබ එයි කියා
කවදාක හෝ සොයලා

හොරෙන් සංසාරයේ
මගේ දිවියේ පුරා
සදා පුරා සඳක් ලෙස පායා
මා ළඟින් ඔබ හිනැහෙන්න
දෑස මෙන් මා රැකගන්න

කොයි තරම්

Friday, February 23, 2018

දෑවැදි දෙන්නට - සුනිල් එදිරිසිංහ | Dawadi dennata - Sunil Edirisinghe - sinhala lyrics


දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති
ගෙදරට බරවුණු බාල නගේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නගේ //

විරසක වීලා විරහ අපලයෙන්
නුඹෙ ඉරණම නුඹ ළඟට නොයේ
නිදිබර දෑසයි දැලි ගෑ මූණයි
ලිප මුල්ලේ යෞවනය ගෙවේ

දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති
ගෙදරට බරවුණු බාල නගේ
නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නැහැ
රටෙත් කෙනෙක් නැහැ බාල නගේ

රන් දම් පැලදිය යුතු ගෙල වටකර
නවගුණ වැල පෝ දිනට බැඳේ
දීගෙක ගියදා

Thursday, February 22, 2018

මඟ තොටදී හමු වීලා - මිල්ටන් මල්ලවාරච්චි, ක්ලැරන්ස් විජේවර්ධන | Maga thotadi hamu weela - Milton & Clarance - sinhala lyrics





මඟ තොටදී හමු වීලා හිනැහෙනවා
කුමාරිකාවට මාගෙත් සිත යනවා
කවදා හෝ ඇය මගෙ මෙහෙසිය වෙනවා
එපා කියන්නට ඒවා වරදිනවා
ඒවා වරදිනවා ඒවා වරදිනවා
ඒවා වරදිනවා ඒවා වරදිනවා
විශ්වාසයි නෑ මට වරදින්නේ
ඇගෙ ආදරේ මම දන්නේ

ඔබ දන්නේ නෑ මාගේ මිතුරාණෙනි
රැවටෙන්නේ ඔබ ඇයි මෙසේ
ඇගෙ රුවට ගැලපෙන්නේ මාගේ රුවයි
ඇගෙ සිතට ගැලපෙන්නේ මාගේ සිතයි
ඇය මාව පිළිගන්නවා

මඟ තොටදී හමු වීලා හිනැහෙනවා
කුමාරිකාවට මාගෙත් සිත යනවා

Wednesday, February 21, 2018

රහසයි සොඳුරු ජීවේ - මරියසෙල් ගුණතිලක | Rahasai sonduru jeewe - Mariyaselle Gunthilake - sinhala lyrics








රහසයි සොඳුරු ජීවේ
රහසයි සැනසුමේ
රහසයි කරුණා දයා ගුණේ //

මූහුනේ සිනා රාඳාලා
කරුණා සිතේ රඳා
කාටත් දයාව පාලා
අරුණැල් ලොවක් මවා

රහසයි සොඳුරු ජීවේ
රහසයි සැනසුමේ
රහසයි කරුණා දයා ගුණේ

පළමු දේ ඉවසීමයි
දෙවෙනි දේ කරුණාවයි
තමන් සතු දේ දීමයි
ලැබෙන දේ සැනසීමයි

රහසයි සොඳුරු ජීවේ
රහසයි සැනසුමේ
රහසයි කරුණා දයා ගුණේ //


ගායනය - මරියසෙල් ගුණතිලක
සංගීතය, ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන




වීඩියෝව ගත්තෙ

Thursday, February 15, 2018

රන්වන් අහස පුරා - අජිත් මුතුකුමාරණ | Ran wan ahasa pura - Ajith Muthukumarana - sinhala lyrics

රන්වන් අහස පුරා
වැහිකළුවර තිබුනා
පෑයු සඳත් එදා
නොපෙනී යන්න ගියා //
රන්වන් අහස පුරා

කුළුදුල් පෙම් හසුනයි
සුවඳැති ලේන්සුවයි
පිදු ආදර සුවඳයි
කඳුලින් සේදෙන්නේ //
මල් පෙති පවා එදා
පරවෙන දිහා බලා
මගේ ඇස් දෙකම හඬයි
කොහොමද වාවන්නේ

රන්වන් අහස පුරා
වැහිකළුවර තිබුනා
පෑයු සඳත් එදා
නොපෙනී යන්න ගියා
රන්වන් අහස පුරා

මට ළංවෙන්න කියා
ඔබ දුන් සුවඳ පවා
අද මට වද දෙනවා
කෙලෙසද ඉවසන්නේ //
හමනා සුළඟ